ශ්‍රියානි විජේසිංහ
වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීමත් සමඟ රෝහල් කටයුතු අඩපණවීමේ අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ස්ථානමාරු ක්‍රියාමත්මක කලද ඒ සඳහා වෛද්‍යවරු විශාල වශයෙන් විදේශ ගත වීම හේතුවෙන් නියමිත පුරප්පාඩු පිරවීමට නොහැකි වීමෙන් මෙම අවදානම මතුව අතැයි සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය කමල් කොඩිකාර පැවසුවේය.
මේ තත්ත්වය හේතුවෙන් ස්නායු, හෘද, අක්ෂි, වකුගඩු, ඇතුළු අනෙකුත් සියලුම සැත්කම් සහ ප්‍රතිකාර කටයුතු ප්‍රමාද වීමක් සිදුවිම වැලැක්විය නොහැකි වන අතරම ඇතැම් රෝහල්වල සැත්කම් කර ගැනීමට නොහැකි තත්ත්වයක් වුවද උදාවිය හැකි බව හෙතෙම පෙන්වාදේ.
මේ වන විට වසරක පමණ කාලයක සිට ශ්‍රේණි වෛද්‍යවරු 850ක් පමණ දෙනා රටහැර ගොස් ඇති අතර ඉදිරියේදී තවත් පිරිසක් රට හැරයාමේ සූදානමක සිටින බව සංගමය අනතුරු අගවා සිටියි.