බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුත් පැය 12ක් ඉන්ධන පෝලිම්වල… රෝහල් කටයුතු බිඳවැටේ… ප්‍රමුඛතාවට මිනිස්සු එරෙහි වෙති!

මැරෙන එකා මැරෙනවා... උඹලා බේරගත්තු එකක් නෑ... තෙල් දෙන්නෙ ටෝකන් දුන්න අයට දීලා - සෞඛ්‍යයට එරෙහිව චන්ඩි එළි බසිති!

by editor
ජූලි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා රෝහල් කටයුතු මුළුමනින්ම ඇනහිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිකුරාදා දිනයේදී ඉන්දන ලබා දෙන බව කීමත් සමග ඊයේ  රාත්‍රියේ සිට වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සුළු සේවයකින් දක්වා වූ රෝහල් කාර්ය මණඩලයට   පෝලිම්වල රැදී සිටින බැවින් රෝහල්ව ප්‍රතිකාර කටයුතු  මුළුමනින්ම නතර වී ඇතැයිද අප කළ විමසුම්වලදි රෝහල් බලධාරිහු  සඳහන් කළහ.

කොළඹ ජාතික රෝහල, රිජ්‌වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදිය  කාන්තා රෝහල,  ද සොයිසා රෝහල, ඇතුළු දිවයිනේ සියලුම ප්‍රධාන රෝහල්වල  වෛද්‍යවරු ඇතුළු  සෞඛ්‍ය කාර්ය මණ්ඩල බහුතරයක් රෝහල්  අවට ඉන්ධන පිරවුම්හල්වල රැදීසිටින බැවින්  රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි විශේෂඥ වෛද්‍යවරු  ලංකාසරට කීහ.

  • ඇතැම් රෝහල්වල හදිසි සේවා පමණයි…

ඉන්ධන ගැටලුවට වහාම විසඳුම්  ලබා නොදුනහොත් ලබන සතියේ සිට රෝහල් වැසීයාමේ අවදානමක් මතුවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රෝගී සත්කාර සේවාව මේ වන විටත් ඉතා අපහසුවෙන් පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩයට සිදුව ඇති බැවින් ඇතැම් රෝහල්වල මේ වන විට හදිසි ප්‍රතිකාරයන් පමණක් සිදු කිරීම පටන් ගෙන ඇතැයි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන පවසයි.

ඉන්ධන ගැටලුවට වහාම විසඳුමක් ලබානොදුනහොත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රෝහලට ඒමට නොහැකි වීම හමුවේ  රෝහල්වල දැනට සිදුකරන හදිසි ප්‍රතිකාරයන් පවා නතර කිරිමට  සිදුවනු ඇතැයි විශේෂඥවරයා අවදාරණය කළේය.

රිජ්වේ ආර්යා ළමා රෝහ‌ලේ විශේෂඥ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම්වල රැදී සිටීම හේතුවෙන් රෝහල්  කටයුතු බොහෝ දුරට  අඩපණව ඇතැයි  රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති කිවේය.

  • අපේක්ෂා රෝහලේ අපේක්ෂා බිඳවැටෙයි…

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල්වල රැදී සිටීම හේතුවෙන් රෝහලේ සැත්කම් සායනික කටයුතු  බොහෝ දුරට අඩපණව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා දෙන බවට  දැනුම් දුන් නමුත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ප්‍රමුඛත්වයක් ලබා දී නොමැති බවත් .ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව රැඳී  සිටින ජනතාව සෞඛ්‍ය අංශයවලට පෙර තමන්ට  ඉන්ධන ලබා දෙන ලෙස පවසමින් විරෝධය  පළ කිරීමට පෙළඹී ඇති බවත් රෝහලේ පිළිකා  ශල්‍ය වෛද්‍ය විශේෂඥ කණිෂ්ක ද සිල්වා කීවේය.

මෙවැනි තත්ත්වයන් යටතේ රෝහලේ ප්‍රතිකාර කටයුතු  තව දුරටත් කර ගෙන යෑම ඉතා දුෂ්කර වී ඇති  බැවින් ඉදිරියේදී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම ඇනහිටිනු ඇති බව විශේෂඥවරයා සඳහන් කලේය.

ඡායාරූප – අමිල ජයවර්ධන

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ මුල් වරට ළමා රෝහලේ සැත්කම් බිඳ වැටේ….

Next Post

ශ්‍රී ලංකාව ගාලු ක්‍රිකට් කතාවේ බිහිසුණුම පරාජය ලබයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.