බොරුල්ලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බොරැල්ල වෙස්ටර්න් රෝහලේ හිමිකරුවා ද මේ වනවිට වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග තත්ත්වයකට ලක්ව ඇති අතර ඔහුට ද අවශ්‍ය වකුගඩුව බද්ධ කිරීම සඳහා එම රෝහලේ සේවකයකුගෙන් රුපියල් ලක්ෂ 95ක් දෙන බවට පොරොන්දු වී වකුගඩුවක් ලබා ගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වේ.
ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ පිළිබඳ නඩු විභාගය අවස්ථාවේදී මේ බව අනාවරණය කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාය. ඔහු එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේ වෙස්ටන් රෝහලේ කම්කරුවෙකු වන ඥානදාස් ආර්දාන් නමැති අය ලක්ෂ 95ක මුදලක පොරොන්දුවකට රෝහලේ හිමිකරුවාට ද ලබා දී ඇතත් ඔහුට ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 10කටත් අඩු මුදලක් බව විමර්ෂණ අනුව අනාවරණය වී ඇති බවය.
මෙම නඩු විභාගයේදී මෙම හිමිකරුවාගේ නම සදහන් නොවූ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය ඔක්තෝබර් මස 09 වැනිදා වාර්තා කළේ ශ්‍රි ලංකාවේ වකුගඩු බද්ධ කිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ලෙස සැලකෙන ශ්‍රි ලංකාවේ වෘක්කවේදයේ පියා නම්විරුදාවලී ලත් මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් වෙස්ටර්න් රෝහලේදී සිය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කළ බවය. දියවැඩියාව අධික රුධිර පීඩනය ඇතුළු සංකූලතා හේතුවෙන් ඔහුගේ වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවූ වත් එම වාර්තාවේ සඳහන් වේ. ඔහුට මෙම වකුගඩු බද්ධය සඳහා තවත් රෝහල් ගණනාවකින් අවස්ථාව ලබා දුන්නද ඔහු සිය වකුගඩුව බද්ධ කර ගැකීමට විශ්වාසවන්තම තැන ලෙස වෙස්ටර්න් රෝහල තෝරා ගත් බවද එම වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ වුවද එහි ඔහු එම රෝහලේ අධ්‍යක්ෂවරයකු ලෙස සඳහන් වූයේ නැත. එසේ වුවද මහාචාර්ය ෂෙරීෆ් මෙම වෙස්ටර්න් රෝහලේ හිමිකරු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකට කරුණක් වන අතර ඊයේ (06) අධිකරණය විසින් විදේශ ගමන් තහනම පනවන ලද අධ්‍යක්ෂවරුන් අතර ඔහුගේ නමද විය.
මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ විභාග වූ අවසථාවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසූයේ වෛද්‍ය වෘත්තිය අනෙකුත් වෘත්තීන්ට වඩා උතුම් රැකියාවක් වන අතර, එහි ජීවිත රැකීමට මිස මිනිස් වෙළෙඳාම් සිදු කිරීමට අයිතියක් ලබා දී නැති බවයි.
අතීතයේ අඟපසඟ විකුණු වෘත්තින් සම්බන්ධයෙන් ද කරුණු අසා තිබුණත් මෙසේ ක්‍රියා කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතු බව සඳහන් කළේය.
1987 අංක 48 මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ පනත මෙන්ම 2006 අංක 16 මිනිස් වෙෙළදාම යටතේ වැරදි සිදු කර ඇති මෙම වෛද්‍යවරුන් දේශීය මෙන්ම විදේශීය ජාලගත ජාවාරමක් සිදු කර ඇති බව දිලීප පීරිස් මහතා පැවසීය.
“වින්දිතයින් ප්‍රකාශ කරන ආකාරයට ඔවුන්ට මුදල් දෙන වවට පොරොන්දු වූවාට ලක්ෂ 10ක්වත් දීලා නැහැ, මෙම මුදල් කවුරුන් මංකොල්ලකෑවද? අපි වකුගඩුවක් දෙන්නේ පවුලේ සමීපතම ඥාතියෙකුට, අහල පහල අය දෙන්නේ නැහැ. පරිත්‍යාග කරන අයට දීමනා දෙන්නේ නැහැ. දෙපාර්ශ්වය මුණගස්වා ලිඛිත කැමැත්ත මත වකුගඩුව දෙන්න ඕනේ බව 1987 අංක 41 මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ පනතේ පැහැදිලි ලෙස සඳහන් කර තිබෙනවා“ යැයි හෙතෙම වැඩිදුරටත් අධිකරණය වෙත කරුණු අනාවරණය කළේය.
2022/8/3 සිට 2022/11/3 කාලපරාසය තුළ පුද්ගලයින් හයදෙනෙකු සැත්කමට භාජනය කර ඇති අතර, මුදල් ඉල්ලා ඇති වූ ආරවුලට සම්බන්ධ වූ පොලිස් ස්ථානාධිපතිවරයෙකු පැමිණිලිකරුවන් වෙත බොරැල්ල පල්ලිය පාරේ වාහන අංගණයක් වෙත කැඳවා ලක්ෂ දෙක බැගින් වූ මුදල් ලබා දී නැවත මේ සම්බන්ධයෙන් විමසීමට රෝහල් අධිකාරිය වෙත නොයන ලෙසට තර්ජනය කළ බවට ද තොරතුරු හෙළි වී ඇතැයි ද එම ජ්‍යේෂ්ඨ නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවට ද දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිසිටර්වරයා අධිකරණය හමුවේ අනාවරණය කළ තොරතුරුවලට අනුව මේ වන විට මෙම රෝහලේ වකුගඩු සැත්කම් 52ක් සිදු කර ඇත. ඉන් 6 ක් පිළිබඳව පමණක් කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව මෙම ජාවාරමට ආරක්ෂාව, ප්‍රවාහනය, සහාය, වෛද්‍ය සහාය, සැත්කම් සහාය ආදී නන්අයුරින් ක්‍රියා කළ අය වෙත නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට අධිකරණය හමුවේ ඔහු පැවසීය.









