බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙසක් වෙනුවෙන්  කාර්ඩ් බෝඩ්වල සිවුරු කෑලි ඔතා සැදූ අටපිරිකර 150ක් තොගේට විකුණන්න ගිය 02ක් කතරගම දී අත් අඩංගුවට…

by editor
මැයි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන් විසින් අද  (14) පෙරවරුවේ කතරගම පුදබිමේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජවාරම හෙළි වන්නේ සැදැහැවතෙකු විසින් කතරගම පුදබිමේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවක් සදහා සැකකරුවන් දෙදෙනා විසින් රැගෙන ආ අටපිරිකර 150ක් පරීක්ෂා කිරීමේදීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම,අටළුගම,ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා කාලාන්තරයක සිට කතරගම හා අවට ප්‍රදේවලට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අටපිරිකර තොග වශයෙන් බැතුමතුන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව මුලික විමර්ශන වලදි අනාවරණය වි තිබේ.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එහිදී සැකකරුවන් කතරගම පුදබිමේ පැවැත්වෙන පිංකමක් සඳහා අටපිරිකර 150ක ප්‍රමාණයක ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදි කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නයද එම ස්ථානයට පැමිණි අතර  එහිදී උන්වහන්සේලාද මෙම අටපිරිකර පරීක්ෂාවට ලක් කෙරුණි.

මේ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගෙන්  අප විමසිමක් කළ අතර එහිදි උන්වහන්සේ මෙලෙස පැවසූහ.

“අටපිරිකර පූජාව කියන්නේ අටමහ කුසල කර්ම වලට අයත් වෙන දෙවන පිංකම. ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් මුදල් ඉපයීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලෙස  භාවිතයට ගත නොහැකි සිවුරු කෑලි, කාඩ්බෝඩ් කෑළි ආදිය දමා මෙහෙම අටපිරිකර සකස් කිරිම මහා අපරාධයක්. අට පිරිකරකට පිරිකර අටක් අඩංගු විය යුතු නමුත් මෙම රැගෙන ආ එක අට පිරිකරකවත් පිරිකර අටක් අඩංගු නෑ. මිනිස්සු ශ්‍රද්ධාවෙන් පුජා කරන මේ අටපිරිකරට මෙහෙ නිගා කිරිම දඩුවම් දිය යුතු බරපතළ වරදක්. මෙම ජාවාරම සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් මටත් පැමිණිලි ගණනාවක්ම ලැබී තිබුණා. ඒ අනුව මම මේ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට හා කතරගම පොලිසියට දැනුම් දීලා තිබුණා. ඒ අනුව අද දවසේ මෙම වැටලිම සිදුකරලා තියෙනවා. සමස්ථ බෞද්ධ ජනතාවගෙනුත් මම ඉල්ලීමක් කරනවා අටපිරිකරක් මිලදි ගැනිමට පෙර ඒ පිළිබදව නිසි අවධානයෙන් පසු වෙන්න කියලා. 

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා  අටපිරිකර 150ක ප්‍රමාණයක් හා එය රැගෙන ආ වෑන් රථය සමග කතරගම පොලීසියට රැගෙන ගිය අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීයේ මොණරාගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන   අධ්‍යක්ෂ සංජය ඉරසිංහගේ උපදෙස් පරිදි, මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්.බී.රත්නායක ගේ නියෝග මත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීයේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිළධාරීන් වන ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.සී.එම්.භාෂිත්, එම්.එෆ්.එම්.රේෂාන් යන නිළධාරීන් හා කතරගම පොලිසියේ නිළධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සරසවි අනාරක්ෂිත අපායවල් බවට පත් වන ලකුණු…. සරසවි අනධ්‍යන සේවකයන් අවසන් තීරණාත්මක පියවර තෝරන්න හදයි…

Next Post

අනධ්‍යන සේවකයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරන්නැයි අපි රජයට බල කරනවා… විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන!  

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.