වෙසක් සිරි නැරඹීමට කොළඹ ගිය මතුගම පිරිසක් රැගත් ජිප් රථයක් අද (07) උදෑසන පානදුර, වලාන මංසන්ධියේ දී පෙරළී යෑම නිසා පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන් අතර කුඩා ළමුන් තිදෙනෙක් ද වෙති.
වෙසක් සිරි බලා යළි නිවෙස් බලා යද්දී රියදුරුට නින්ද යෑම හේතුවෙන් රථය පාලනයෙන් ගිලිහී පෙරළී යෑම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත. අලුයම 5.30ට පමණ අනතුර සිදුවී තිබේ.
අනතුරින් එම ස්ථානයේ තිබූ විදුලි කණුවකට සහ මාර්ගයේ යකඩ වැටකට ද හානි සිදුව ඇත.
පොලිසිය විමර්ශන පවත්වයි.







