fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙන් කළ කෝටි 29න් විශාල වංචාවක්.. නයිට්‍රිජන් දියර පොහොර ගනුදෙනුව ගැන යළිත්  ප්‍රශ්න කිරීමක්…

මාස 7ක් ago
in පුවත්
482 5
0
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ නයිට්‍රිජන් දියර පොහොර ගෙන්වා ඇත්තේ කැබිනට් තීරණය මතු නොව සමස්ථ මූල්‍ය ක්‍රියාවලියේ සම්මත විනය බිඳ දමමින් අතිශය පිළිකුල් සහගත ආකාරයට බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික සුනිල් හඳුන්නෙත්ති අද විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

රට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිය දී ගොවි ජනතාවගේ පීඩනය පුපුරා යන අවස්ථාවක ඇතිවන තත්වයන් උපයෝගී කරගෙනත්  රාජ්‍ය මුදල් වංචා කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පෙන්වා දුන් සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

කැබිනට් පත්‍රිකාව

අංශු මාත්‍ර ශාක පෝෂක නිෂ්පාදක සැපයුම යටතේ පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. එය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔක්තෝබර් 15 දින ඉදිරිපත් කළ බවට සඳහන් වෙනවා. නමුත් මෙම නයිට්‍රජන් පොහොර තොගය ඉන්දියාවෙන් ගෙන්වාගෙන තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට පටහැනිව බව දැන් පැහැදිලි වෙනවා.

ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයා වන පෞද්ගලික සමාගමකට භාණ්ඩාගාරය අනුමත කළ මුදල් මහජන බැංකුව හරහා ලබාදී තිබෙන බව අපි දැනටමත් දන්නවා.

රජයේ  පොහොර සමාගම් හැලූ හැටි…

රජයන් අතර ගනුදෙනුවක් නම් ආනයනය ක්‍රියාවලිය සිදුවිය යුත්තේ රජයේ සමාගම් හරහායි. ශ්‍රී ලංකාවේ රජය යටතේ පොහොර සමාගම් දෙකක් තිබෙනවා. එම සමාගම් මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට තොරතුරු නැහැ. ඒ වෙනුවට එම ගනුදෙනුවට සම්බන්ධ වී තිබෙන්නේ මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන අයගේ පුද්ගලික ගිණුමකට මුදල් හුවමාරුවක් මගින්.

මේ අය ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයින් නම්, ඔවුන්ට විදේශ මුදල් හුවමාරු ගිණුමක් තිබිය යුතුයි. එම ගිණුම ආරම්භ කර තිබෙන්නේ ඔක්තෝබර් 18දායි. එදිනම තමයි භාණ්ඩාගාරයෙන් මුදල් මෙම ගිණුමට හුවමාරු වන්නේ. එය වෙනම ප්‍රශ්නයක් හැටියට තිබෙනවා.

ඇමතිවරයා ඉල්ලීම් කර තිබෙන්නේ ඉහළ ගුණාත්මක භාවයක් සහිත මෙම ශාක පෝෂක කොටස් සහිත ද්‍රව්‍ය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා ආනයනය කිරීමටයි. නමුත් ගෙන්වා තිබෙන්නේ පෞද්ගලික සමාගමක්.

ඇමතිවරයා කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කරන්නේ මෙම නයිට්‍රජන් දියර පොහොර වී වගාව සඳහා ලීටර් මිලියන 1.8ක් සහ බඩඉරිඟු වගාව සඳහා ලීටර් 3,25,000ක් ආනයනය කරන්න අවශ්‍යයි කියලා. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් මිලදී ගන්නා එම ලීටර් ප්‍රමාණය සඳහා අවශ්‍ය ගෙවීම් කිරීමට ණය පහසුකම් ලිපියක් අදාළ බැංකුව වෙතින් භාණ්ඩාගාරය හරහා නිකුත් කරන්න කියලා එම කැබිනට් සංදේශයේ සඳහන් වෙනවා.

ටෙන්ඩර් නෑ…

විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම මිලදී ගැනීම සිදුකළ යුතුව තිබුණත් හදිසි මිලදී ගැනීමක් ලෙස ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකරන්න ගිහින් දැන් හත්පොලේ ගාගෙන තිබෙනවා. කැබිනට් තීරණය ලබාදී තිබෙන්නේ ඔක්තෝබර් 19වැනිදායි. කැබිනට් පත්‍රිකාවේ 04/1 ලෙස සඳහන් කර තිබෙන ඉන්දියානු සමාගමේ පොහොර ලබාගැනීමටයි.  4/2 කියන්නේ එම පොහොර තොගය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා කොන්ත්‍රාත් ගත කර ගිවිසුම් ගත කර ගෙන්වීමට සහ ඒ සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.

එලෙස අනුමත වුණු කැබිනට් තීරණය වෙනස් වුණේ කොහොමද කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. මෙතන තවත් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. එනම් කැබිනට් තීරණය දැනුම් දෙන්නේ ඔක්තෝබර් 19 වැනිදා වන අතර, පුද්ගලික ගිණුමට මුදල් හුවමාරුව සිදුවී තිබෙන්නේ කැබිනට් තීරණය ලැබීමටත් පෙරයි. එනම් ඔක්තෝබර් 18වෙනිදායි. එනිසා මෙතන ගැටලු ගණනාවක් මතුවෙනවා.

හදිස්සියෙ ඉතිරි ඩොලර් රුපියල් කළේ ඇයි?

ඒ වගේම කැබිනට් මණ්ඩලය විසින් එම මුදල ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. මෙම පොහොර ගෙන්වීම සඳහා ඉන්දියානු සමාගම තෝරා ගත්තේ කොහොමද යන්නත් රටට පැහැදිලි කළ යුතුයි. මේ සඳහා පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ වාර්තාවල සඳහන් වෙනවා මෙම පොහොර ඩොලර් ශත 10ක් මිල අඩුකර ලබාගන්නා බව. නමුත් ඩොලර් සත 10ක් පමණක් අඩුකර ලබාගැනීමට තරම් හදිසියක් ඇති වුණේ කොහොමද?

ඒ වගේම මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන දෙදෙනාගේ ගිණුම හරහා මුදල් ලබාදුන්නේ ඇයි? ඉතිරි මුදල ඩොලර් වල සිට රුපියල්වලට මාරු කිරීමට බලපෑම් කළේ ඇයි? මේ සඳහා යොදා ගන්නේ මහජනතාවගේ මුදල්.

ගනුදෙනුවෙන් පසුව ඉතිරි වූ මුදල් නැවත රුපියල්වලට හරවා ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද? පොහොරවලට ගෙවන්නේ ඩොලර් 325,000ක් නම් ඩොලර් ලක්ෂයක් නැවත රුපියල්වලට මාරු කරන්නේ ඇයි? මේවා රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.

ගොබ්බ කතා

මේක ගැන පැහැදිලි කිරීමට ආණ්ඩුවේ අය කියන කතා ඇහුවාම මේ ගනුදෙනු සිදුවෙන්නේ කඩේට ගිහින් බඩු ගේනවා වගේ කියලා අපිට හිතෙනවා. මෙවැනි ආනයනයකදී ඇස්තමේන්තුවක් නැද්ද? පොහොර තොගයට අනුව නොවෙයිද මුදල් වෙන් කරන්නේ? භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ඕනෑම පුද්ගලික ගිණුමකට හුවමාරු කරන්න පුළුවන්ද? කැබිනට් තීරණය තිබියදී ඊට පිටින් පුද්ගලයන් දෙදෙනෙකුගේ ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවුණේ කාගේ උවමනාවකටද? ඊට අනුමැතිය දුන්නේ කව්ද? මේවා මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.

පුද්ගලික ගිණුමකට මුදල් ගිය බව මහජන බැංකු සභාපති දන්නෙත් නෑ…

මෙම ගනුදෙනුව සඳහා යොදාගත් කෝටි 29න් විශාල වංචාවක් සිදුවෙලා තිබෙනවා. මහජන බැංකුවේ සභාපතිවරයා පවා කියනවා මෙවැනි ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවෙන බව තමන් දැනගෙන හිටියේ නැති බව. ඩොලර් මිලියන 1.257ක් කියන්නේ සුළු මුදලක් නොවේ. එවැනි මුදලක් ගනුදෙනු වනවිට ඒ පිළිබඳ ජනතාවට විනිවිදභාවයක් තිබිය යුතුයි. මෙවැනි ගනුදෙනුවලට මැදිහත් වෙන වංචාකාරයන් පිළිබඳව විමර්ශනය නොවී එම ගනුදෙනු පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.

මේ සිදුවෙමින් ඇති දේ ගැන අප අවධියෙන් ඉන්නවා…

 

 

 

 

 

 

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඉන්දීය යුද නැව් 6ක් කොළඹට සහ ත්‍රිකුණාමලයට

Next Post

කොවිඩ් මරණ 13 600 ඉක්මවයි!

Related Posts

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

මැයි 29, 2022

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

මැයි 29, 2022
MAHINDA

හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…
  • ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…
  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…
  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!
  • නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

ජනප්‍රිය පුවත්

  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

    172 shares
    Share 69 Tweet 43

Highlights

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

by editor
මැයි 29, 2022
0

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල  කප්පාදු කර  නව...

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

by editor
මැයි 29, 2022
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  පෞද්ගලික ලේකම්  සුගීෂ්වර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist