වෙන්නප්පුව කිඹුල්ගාන ප්‍රදේශයේ ඊයේ (7) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කුලි වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගෙන ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි. වෙන්නප්පුව පොලිස් වසමේ කිඹුල්ගාල ප්‍රදේශයේදී ඊයේ (07) සවස සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය නිසා පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණි.
වෙඩි ප්‍රහාරයට ඉලක්ක වී තිබුණේ ජල පෙරණ නිශ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා වෙන්නපුව ප්‍රදේශයේ නිවසක ජල පෙරණයක නඩත්තු කටයුතු සඳහා පැමිණ තිබිණි. ඔවුන් අලුත්වැඩියා කටයුතු සිදුකර නිවසෙන් පිටව යන අවස්ථාවේදී මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගියේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ එම සේවකයින් නඩත්තු කටයුතු සඳහා කැඳවූ නිවෙස් හිමි 65 වියැති කාන්තාව සහ මාරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වූ 45 හැවිරිදි ජල පෙරණ නිශ්පාදන සමාගමේ සේවකයෙකි.







