ශ්‍රියානි විජේසිංහ –
සීතාගේ පපු ප්‍රදේශයේ එක්ස්කිරණ පරික්ෂාව සිදුකිරීමට අවශ්‍ය යන්ත්‍රයක් මෙරට තුළ නැතත් දැනට තිබෙන එක්ස් කිරණ යන්ත්‍රය භාවිත කරමින් අවශ්‍ය එක්ස් කිරණ පරික්ෂණය අද සවස සිදුකරනු ඇතැයි පේරාදේණිය විශ්ව විිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල පැවසුවේය.
මේ සඳහා පශු වෛද්‍යවරු කීපදෙනෙකු සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය වෛද්‍ය පීඨයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාරීයෙකුගේ සහභාගිත්වයෙන් මෙම එක්ස් කිරණ පරික්ෂණය ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි මහාචාර්යවරයා පැවසුවේය.
යකඩය පතුරමක් ශරීරගත ව ඇත්නම් එක්ස්කිරණ ඡායාපිටපතට එය හදුනාගත හැකි වනු ඇතත් පපු පෙදෙසේ තිබෙන ඝනකම හේතුවෙන් ඇතුලු වී ඇති යකඩ පතුරන් ඡායපිටපතට හසුවීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අල්ප යැයිද අශෝක දංගොල්ල පැවසුවේය.
පතුරම් වැදීම හේතුවෙන් සීතාගේ සම පුපුරා ඇති බැවින් පතුරම් සම පසාකරගෙන උරස් කුහර අභ්‍යන්තරයට කිදා බැස නැතිනම් සම විවෘත කර පතුරම් ඉවතට ගත හැකි වුවද උරස් කුහර අභ්‍යන්තරයට කිදා බැහැ ඇතිනම් කළ යුත්තේ කුමක්ද යන්න පිලිබදව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද මහාචාර්යවරයා ලංකාසර කළ විමසුමකදී සඳහන් කළේය.
මේ වන විට සීතාට ඇවිදිය නොහැකි අතර ආහාරපාන ගැනිම පෙරමෙන් සිදුකරන බවද හෙතෙම පැවසුවේය.