අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (22) රටපුරා විරෝධතාවක් දියත් කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.
වැටුප් මත පනවා ඇති අසාධාරණ ආදායම් බද්ද සංශෝධනය කරන ලෙස වෘත්තීයවේදීන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා පැවැත්වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අද (22) පැවැත්වෙන විරෝධතාවයට වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවය.
ප්‍රධාන විරෝධතාව පැවැත්වෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටය.







