නුවන් ජයසේකර –
වී මිල අඩු වීම හා පවතින රජය විසින් ගොවියා දිනෙන් දින අසරණ තත්වයට ඇද දමමින් සිටීමට විරෝධය පල කරමින් ගොවි ජන සම්මේලනය විසින් සංවිධානය කල විරෝධතා පා ගමනක් අද (22) අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි.

අධික පිරිවැයක් යොදවා සකස් කල කුඹුරුවල අස්වනු නෙලා ගත් පසු ඒ සදහා සාධාරණ මිලක් නියම නොකර කලු කඩ කාරයන්ට අවශ්‍ය ආකාරයට වී මිල පාලනය කිරීමට ඉඩ දී රජය නිහඬව සිටින බවත් , මේ තත්වය හේතුවෙන් ගොවීයාට වී සදහා සාධාරණ මිලක් නොලැබීම නිසාත් ගොවියා අද වන විට දැඩි අරබුධ රැසකට මුහුන පා ඇති බවත් පවසමින් මෙම විරෝධතාවය පැවැත්විණි .
විරෝධතාවය සඳහා 400කට ආසන්න ගොවීන් පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාවය අම්බලන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලින් ආරම්භ කර අම්බලන්තොට ඔරලෝසු කනුව දක්වා පා ගමනින් පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවය පැවැත්විණ . මෙහිදී විරෝධතාවයට එකව සිටි පිරිස් පැවසුවේ තමන්ට වී අස්වැන්න සදහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසත් , ගොවි තැන රැක ගැනීම සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්ය.







