පොලීසිය අද (22) උදෑසන සිදුකළ වැටලිමකදී වීරකැටිය ප්‍රදේශයේන් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 101කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විරකැටිය අතුබෝදේ ප්‍රදේශයේ නිවසක් වටලා මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගනු ලබන්නේ වීරකැටිය පොලීසියට අද උදෑසන ලද තොරතුරක් මතය. පොලිිසය පවසන්නේ පැකට් ලෙස අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිවස තුළ තිබී සොයා ගත් බවය.
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති ඇත. ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.







