ශ්‍රියානි විජේසිංහ –
ලබන වසර සඳහා ඇනවුම් කළ හැකි ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍ය සියයට 60ක් කප්පාදු කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
මේ අනුව ඖෂධ 497ක්ද ශල්‍ය උපකරණ 5301 සහ රසායනාගාර උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍ය 2219ක් සැපයුම් ලේඛණයෙන් ඉවත් කර ඇතැයි විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ඉවත් කළ ඖෂධ අතර ඇතැම් පිළිකා නාශක ඖෂධ සහ විටමින් සී වැනි ඖෂධද තිබෙන බව හෙතෙමෙ පෙන්වාදේ.
මෙසේ කප්පාදුවන් සිදු කරන්නේ නම් විෂයානුබද්ධ විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් කැඳවා ඒ පිලිබදව විමසීමක් කළ යුතු බවද පෙන්වා දෙන රවී කුමුදේශ් එසේ නොකර තනි තීරණයන් ගෙන ඇත්තේ සෞඛ්‍ය සේවාව හකුලා දැමීට දැයි යන්න ප්‍රශ්නකර සිටියි.