බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්ව වාස්තු සම්පතක් වූ කිරිවෙහෙරේ අවුරුදු 900ක් පැරණි බදාම තලයට  සිදුවූයේ කුමක් ද?

by editor
දෙසැම්බර් 30, 2021
in පුවත්, සංස්කෘතිය
Kiriwehera

පුරාණ පොලොන්නරුව කිරි වෙහෙරේ හතරැස් කොටුව මත බෝල්ට් ඇණ බස්සවා කොන්ක්‍රීට් ආස්තරණ දමා වසර 900ක් පැරණි බදාම තට්ටුව විනාශ කර ඇති අයුරු....

Share on FacebookShare on Twitter

විශ්ව  වාස්තු සම්පතක් සේ සැලකෙන   පොලොන්නරුව කිරිවෙහෙරේ  විශිෂ්ට ලෙස ආරක්ෂා වී ඇති වසර 900ක් පැරණි බදාම තලය මත  දැවැන්ත බෝල්ට් ඇණ බස්සවා, බදාම තලය කඩතොලු කර   ඇත්තේ  කිරිවෙහෙර සංරක්ෂණ කටයුතු  පිළිබඳ පුරාවිද්‍යා විද්වත් සභාවක් විසින් ඉදිරිපත් කළ සියලුම නිර්ණායක උල්ලංඝණය කරමින් බවට චෝදනා එල්ලවෙමින් ඇත.

පොළොන්නරුව කිරිවෙහෙර….

පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව මෙම සංරක්ෂණය සඳහා යෝජනා ඉදිරිපත් කරන විටත් මෙම   බදාම තලයේ  කොටසක් ගලවා ඉවත් කර තිබී ඇත.

අවසානයේ දීර්ඝ සංවාදයකින් පසු  යෝජනා වී තිබුණේ    සියවස් ගණනක් පැරණි පුරාණ බදාම තලය ආරක්ෂා කරගෙන කඩතොළු පමණක් වසා හුණු පිරියම් කර සංරක්ෂණය කිරීමය.

දාගැබේ හතරස් කොටුව මත පුරාවිද්‍යා උපදෙස් නොතකා දැවැන්ත ඇණ  සහිත යකඩ පුවරු සවිකර සිමෙන්ති යොදා ඉදි කිරීමක් සිදුකර තිබිණි. මෙම ඉදිකිරීම කර ඇත්තේ දාගැබේ ගර්භයේ හැඩය ගැනීමේ අරමුණින් සහ කැරකෙන ඉනිමග සවිකිරීමට බව කියවුනත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ  එවැනි ඉදිකිරීමක් අවශ්‍ය වන්නේ අලුතින් ඉදිවන දාගැබකට මිස මෙවැනි පෞරාණික දාගැබකට නොවන බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

හතරැස් කොටුව මත පුරාණ බදාම තලය වනසා කළ ඉදිකිරීම්….

දෝලනය වන ඉනිමගක් සඳහා මෙය භාවිත කළ හැකි බව කියවුන ද  මෙවැනි  පෞරාණික දාගැබ් සංරක්ෂණයේ දි සිදුවිය යුතු සියුම් පිළිසකර කිරීම් සඳහා පුහුණු මිනිස් ශ්‍රමයම භාවිතා කිරීම සඳහා සුදුසු ආධාරක යොදා ගැනීම  සිදුවන බව පුරවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විද්වත් මණ්ඩලයේ යෝජනා

  1. කිරිවෙහෙර සංරක්ෂණය සඳහා රැස් වූ විද්වත් මණ්ඩලය අවසාන වශයෙන් තීරණ කර තිබුණේ ස්තූපයේ දැනට කඩතොලු වී ඇති ස්ථාන පමණක් පුරවා තහවුරු කිරීම,
  2. මෙම තහවුරු කිරිමේ දී වර්තමානයේ දක්නට ඇති ස්ථූපයේ හැඩය වෙනස් නොකිරීමට දැඩිව සැලකිලිකමත් වීම,
  3. කිසිම අවස්ථාව පැරණි බදාම ස්ථරයට හානි නොවන ලෙස අලුත් බදාම ස්ථරය යෙදීම,
  4. ගර්භයේ ග්‍රිඩ් සැලැස්මක් හදා එක් එක් ග්‍රිඩ් කොටසට අනුරූපීව සරංක්ෂණය කළ යුතු අකාරය, යොදා ගන්නා ද්‍රව්‍ය,  උපකරණ හා බදාම මිශ්‍රණය පිළිබඳ විස්තරාත්මක  අධ්‍යයනයකින් පසු සංරක්ෂණය ආරම්භ කිරීම,
  5. සංරක්ෂණය සඳහා සෑම අවස්ථාවකම මුල් බදාමයට වඩා දුර්වල බදාමයක් යොදා ගැනීම,
  6. කිසිම අවස්ථාවක සිමෙන්ති බදාම සංරක්ෂණය සඳහා භාවිත නොකිරීම
  7. ජීවමාන ස්ථූපයක් සේ හුණු පිරියම් කිරීම  යන නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  මහාචාර්ය ගාමිණී රණසිංහ මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග යන දෙපළම මෙම විද්වත් සභාව නියෝජනය කළහ.

 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ

මේ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහගෙන් ලංකාසර කළ විමසීමකදී මහාචාර්යවරයා ප්‍රකාශ කළේ  කිරිවෙහෙරේ පෞරාණික බදාම තලයට හානිවන කිසිම මැදිහත්වීමකට තමන් සිටින තුරු ඉඩ ලබා නොදෙන බවය.

මේ  සංරක්ෂණ කටයුතු අරභයා විද්වත් කමිටුවක් රැස් කරනු ලැබුවේ තමන්ගේ මැදිහත්වීමෙන් බව පැවසූ මහාචාර්යවරයා එම  විද්වත් කමිටුවෙන් ලද නිර්දේශ හා යෝජනා මතම පිහිටා සංරක්ෂණ කටයුතු සිදුකරන බව කීවේය.

කිරිවෙහෙරේ ඉවත් කළ බව කියන බදාම පොලොන්නරු යුගයට අයත් පෞරාණික බදාම තල නොවන බවත්,  පසුගිය සියවසේ මුල සහ අග භාගවල එච්.සී.පී. බෙල්, සෙනරත් පරණවිතාන වැනි පුරවිද්‍යාඥයින් විසින් සංරක්ෂණය සඳහා යොදා ගත් බාදාම කොටස් බවත් මහාචාර්යවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරිපිටි කිලෝවක් හෙට සිට රුපියල් 150කින් ඉහළට….

Next Post

ජනාධිපති හමුවෙන් ලේක්හවුස් ප්‍රධාන කර්තෘවරුන් හතර දෙනාම හැලෙයි !

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.