අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විවාහය ලියාපදිංචි කර එද්දී සිදුවූ ත්‍රී රෝද අනතුරින් මනමාලයාට බරපතලයි… සාක්ෂියට අත්සන් කළ මිතුරා මිය යයි!

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මිතුරකුගේ විවාහය ලියාපදිංචිකිරිම  සඳහා සාක්ෂියට  අත්සන්කොට එම  විවාහ ප්‍රාප්ත මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු සමග  ත්‍රී රෝද රථයකින්  ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථය පුද්ගලික බස්රථයක ගැටීමෙන් වු අනතුරකින් සාක්ෂියට අත්සන්කළ මිතුරා මියගොස් අනික් තිදෙනා බරපතල තුවාල   ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ  රෝහලට ඇතුළත්කොට ඇති බැව් කරාපිටිය රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය විය.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී කොග්ගල සිංහධීවර ගම්මානය අසලදී   ඊයේ (16)  දහවල් වු මෙම අනතුරෙන්  මියගොස් ඇත්තේ   අහංගම, මිදිගම, ජනාවාස පදිංචි ජයසේකර විතානගේ නිරෝෂ්  අසේල රංගකුමාර (29)  නැමති  එක්දරුපියෙකි.

මොහු රැකියාව වශයෙන් කොණ්ඩාකැපිමේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. ත්‍රි රෝදරථය පදවාගෙන පැමිණ ඇත්තේ විවාහ වු පුද්ගලයා වන අතර විවාහයේ සාක්ෂියට අත්සන් කළ මිතුරා හා තවත් මිතුරන් දෙදෙනෙකු ත්‍රි රෝද රථයේ පිටුපස  අසුනේසිට ඇත.

මොවුන්  ගමන්ගත් ත්‍රිරෝද රථය ගාල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබි ඇති අතර පුද්ගලික බස්රථය මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබි ඇත.

පුද්ගලික බස්රථය හා ත්‍රි රෝද රථය එකිනෙක ගැටිමෙන්  මෙම අනතුර වි ඇත. මියගිය එක්දරුපියාගේ හදිසිමරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක  චන්ද්‍රසේන ලොකුගේ  විසින් සිදුකරණු ලැබිය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මියගිය අයගේ සහෝදරයකු වන ජයසේකර විතානගේ නිලන්ත   (42) නැමැත්තා  හදිසි මරණ පරික්ෂයේ දි සාක්ෂිදෙමින් මෙසේ කිවේය.

“ඊයේ (15) මල්ලිගේ මිතුරකුගේ විවාහය ලියාපදිංචි කිරිමක් තිබුනා. විවාහවන  මිතුරා සමග මල්ලි ත්‍රි රෝද රථයෙන් ගිහින් තිබුනා. මිතුරා ත්‍රි රෝද රථය පදවාගෙන ගිහින් තිබු අතර මල්ලි මිතුරන් දෙදෙනෙකු සමග ත්‍රි රෝද රථයේ  පිටුපස වාඩිවෙලා ගිහින් තිබුනා. කොග්ගල  ප්‍රදේශයේ දි ත්‍රි රෝද රථය බස්රථයක ගැටි ඇති බව ආරංචිවුනා.  එම අනතුරෙන් මල්ලි තුවාල ලබා රෝහල්ගත කොට ඇති බව මස්සිනා මට කිවා. කරාපිටිය රෝහලට මම ආවා මල්ලි මියගොස් ඇති  බව දැන ගත්තා.”

පශ්චාත් මරණ පරික්ෂණය  ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේසහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  අනුරුද්ධ  වුහන්ඕවිට විසින් සිදුකළ අතර සාක්ෂි මෙහෙයවිම උ.පො.ප මදුසංක විසින් සිදුකරණු ලැබිය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා  හිසට පපුවට උදරයට වු බහුවිධ තුවාල නිසා මරණය සිදවී  ඇති බවට  තීන්දු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුරට නාමල්ගේ නම යෝජනා වෙයි!

Next Post

මහනුවර පොලිසියට මීටර 150ක් නුදුරු අවන්හලක් තුළ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන නිකුත් වෙයි! ( වීඩියෝ සහිතයි)

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.