අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විල්පත්තුව රැක ගන්න රුපියල් කෝටි 160ක ආධාරයක්…

by editor
ඔක්තෝබර් 6, 2020
in පුවත්
විල්පත්තුව රැක ගන්න රුපියල් කෝටි 160ක ආධාරයක්...

විල්පත්තුව රැක ගන්න රුපියල් කෝටි 160ක ආධාරයක්...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

විල්පත්තු ජාතික වනෝද්‍යානය සුරක්ෂිත කිරීමේ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ජර්මනියේ GIZ නැමති  ආයතනය විසින්  යුරෝ මිලියන 8 ක (රුපියල් කෝටි 160) මුදලක් ලබා දී තිබේ.

ජර්මනියේ සිට ක්‍රියාත්මක වන GIZ  මව් ආයතනය ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වන අතර විල්පත්තු ජාතික වනෝද්‍යානය සංවර්ධනය කිරීම හා සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දෙන ආධාරය ජර්මනියේ GOPA නැමති සංවිධානය හරහා ක්‍රියාත්මක වෙයි.

GOPA ආයතනයේ ශ්‍රී ලංකා කණ්ඩයම් නායක බර්නාඩ් මොහොන්ස්

GOPA ආයතනයේ ශ්‍රී ලංකා කණ්ඩයම් නායක බර්නාඩ් මොහොන්ස් (Bernhard Mohons)  ප්‍රකාශ කළේ විල්පත්තුව සඳහා ලබාදෙන යුරෝ මිලියන 8ක ආධාරයෙන් යුරෝ මිලියන 2 ක් මේ වන විට ලබා දී අවසන් බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී පැවති අතර ඊට වවුනියාව අනුරාධපුරය හා පුත්තලම යන ප්‍රදේශ වලින් තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී වී සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී අදහස් දැක් වූ  GOPA ආයතනයේ ශ්‍රී ලංකා කණ්ඩයම් නායක බර්නාඩ් මොහොන්ස්  කියා සිටියේ විල්පත්තුවේ අනාරක්ෂිතභාවය සඳහා බෙහෙවින්ම බලපානු ලබන්නේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම හා පරිසර විනාශය යන කරුණු දෙක බවයි.

හේන් ගොවිතැන සඳහා විල්පත්තු වනයේ විශාල කොටසක් සෑම වසරකටම වරක් විනාශ වන බවත්  හේන් ගොවීන් එක දිගටම එම ස්ථානයේ වගා කටයුතු නොකොට වරින් වර අලුත් හේන් කැපීම නිසා විල්පත්තු පරිසරයට විශාල හානියක් සිදුවන බවද පැවසීය.

මේ හේතුවෙන් විශේෂයෙන්ම විල්පත්තුවේ සිටින වන අලි ගහණයට ආහාර පිළිබදව විශාල ගැටලුවක් පැන නගින බවද සෙසු සතුන්ගේ පැවැත්මට හේන් ගොවිතැන බාධාවක් බවද ඔහු සඳහන් කළේය.

ඊට අමතරව සතුන් දඩයම් කිරීම සදහා ද මීපැණි එකතු කිරීම සදහා ද දර කැඩීම සදහා ද විශාල පිරිසක් විල්පත්තු වනෝද්‍යානය තුළට පැමිණෙන අතර ඔවුන්ගේ එම ක්‍රියාවන් අවම කොට විල්පත්තුව ආරක්ෂා කර ගැනීම පිණිස රජය සමග එක් වී ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කරන බවද ඔහු  පැවසීය.

හේන් ගොවිතැනේ නිරත පිරිස් වලට ගෙවතු වගාව හා පලතුරු වගාව හදුන්වා දීම, මී පැණි එකතු කරන්නන් සඳහා ගෙවතු තුළම මීමැසි පාලනයට පහසුකම් සලසාදීම, දඩයමේ පැමිණ සතුන් මරන්නන්ව සත්ත්ව පාලනය සඳහා හුරුකරවීම, වැනි විකල්ප ක්‍රියා මාර්ගයන්ට ඔවුන්ව යොමු කරවීම ද තවත් ස්වයං රැකියා හඳුන්වා දී විල්පත්තුව අවට සිටින ජනතාවගේ  දෛනික ආදායම වැඩිකිරීම ද නව ව්‍යාපෘති අතර වෙයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානය  ආරක්ෂා කර ගැනීම සඳහා හොදම විකල්පය වන්නේ වැඩි වශයෙන්  ජනගතකරණ වැඩ සටහන් ක්‍රියාත්මක කොට ඔවුන්ගේ සහය මෙම වැඩ සටහන් වෙත ලබා ගෙන විල්පත්තුව විනාශ කරන කණ්ඩායම් හුරු පුරුදු වී සිටින තත්ත්වයන්ගෙන් ක්‍රමයෙන් ඉවත් කිරීම බවද  ඔහු වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ කම්හලේ තවත් 220ක් කොවිඩ් ආසාදිතයි… මුළු ගණන 321

Next Post

වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවතට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.