අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප ඇතුළු 05 ක් තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කොතලාවල පනතට එරෙහිව පසුගියදා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක් පවත්වමින් මහමඟ මිනී පෙට්ටියකට ගිනි තැබීමෙන් මාර්ගයට හානි කිරීමක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනි.
සංචරණ සීමා උල්ලංඝණය කරමින් ශිෂ්‍යයින් උද්ඝෝෂණයට රැගෙන ආ සෙසු තිදෙනා වෑන් රථ රියදුන් ය. එම වෑන් රථ රියදුරන් මැදිරිගිරිය, පේරාදෙණිය සහ තිස්සමහාරාමයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.
මෙම විරෝධතාවේදී මහගරම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනකාත්න මහතාගේ ඇඟිලි දෙකක් ද අහිමි විය.
ඊයේ (05) දින සොයිසා වටරවුමේදී විරෝධතා පැවැත්වූ අයගෙන් තිදෙනකු ද කුරුදුවත්ත පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
පළාත් සංචරණ සීමා උල්ලංගනය කරන විරෝධතාකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.