බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විරෝධතා තාවකාලිකව නවතන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හදිසි ඉල්ලීමක්

by Lanka Sara Editor
අගෝස්තු 6, 2021
in පුවත්
doctor
Share on FacebookShare on Twitter

මාරාන්තික කොවිඩ් වසංගතය මධ්‍යයේ රටේ ජාතියේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ සළකා ගුරු-විදුහල්පති විරෝධතා ව්‍යාපාර තාවකාලිකව අත්හිටුවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආයාචනයක් කර තිබේ.

කපටි දේශපාලනඥයින් විසින් ‘ඩෙල්ටා පොකුරු’ උත්පාදනය කිරීමේ වගකීම ගුරුවරුන්ට පමණක් පැවරිය හැකි අතර ඔවුන් ඒ සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව හැ‍ෙඟන බව ද එම සංගමය ලිපියක් මගින් පවසා ඇත.

වෘත්තීයමය, වෘත්තීය සමිතියක් ලෙස තම සංගමය ද, ගුරු විදුහල්පතිවරුන්ගේ දිගුකාලීන නොසලකා හරින ලද ඉල්ලීම් වලට ගෞරව කරන අතර ඔවුන්‍ගේ ගැටලු විසඳා දෙන ලෙස රජයට බලකරමින් එකමුතුව කටයුතු කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.

රාජ්‍ය අනුග්‍රහයක් හෝ දිරිදීමනාවක් හෝ නොමැතිව දරුවන්ගේ බලාපොරොත්තු ජීවත් කරවීම උදෙසා ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් කරන කැපවීමට කිසිදු උගතෙකුට මිලක් නියම කළ නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියාසිටී.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය තුළ කටයුතු කරන සාමාජිකයන් ලෙස ද ගුරු-විදුහල්පතිවරුන්ගේ වෘත්තිය අයිතීන් දිනාගැනීම සඳහා අරගල කිරීමේ අයිතිය පිළිගන්නා බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.

ගුරු-විදුහල්පති අරගලයට හේතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් වත්මන් හා අතීත ආණ්ඩු කරවූ පුද්ගලයන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී.

වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය පවසන්නේ වත්මන් තත්ත්වයට තුඩු දී ඇති වත්මන් රජයේ දැඩි ප්‍රවේශය ගැන කනගාටු වන අතරම, සමාජයේ වගකිව යුතු, උගත් හා බොහෝ විට දේශපාලනික නොවන බලවේගයක් වශයෙන් ගෞරවයෙන් ආයාචනා කරන්නේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධානතම ප්‍ර‍භේදය බවට පත්වෙමින් කොවිඩ් -19 ආසාදන ඉහළ යාම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

“වේගයෙන් ඉහළ යන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාවක් සමඟ අපි සියළු දෙනාම වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයකින් දේශපාලකයින්ට වඩා සාමාන්‍ය පුරවැසියන් ගැන සැලකිලිමත් විය යුතුයි. වසංගතය ව්‍යසනකාරී මට්ටමකට පැමිණිය හොත් (අපි සිතන්නේ එය දැනටමත් එලෙස වන බවය) කපටි දේශපාලනඥයින් විසින් ‘ඩෙල්ටා පොකුරු’ උත්පාදනය කිරීමේ වගකීම ගුරුවරුන්ට පමණක් පැවරිය හැකි අතර ඔවුන් ඒ සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව අපට හැඟේ.

එම නිසා මෙම මාරාන්තික වසංගතය මධ්‍යයේ අපේ ජාතියේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යය සඳහා ඔබගේ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන ලෙස වෘත්තීය සංවිධානයක් ලෙස අපි සියළුම ඉගැන්වීමේ නිරත සහෝදර වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිමු.

තවද, සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ලබා දෙන බවටත්, ඔවුන්ගේ පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන්, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් හිතකර අයුරින් සලකා බලා මෙම අර්බුදය විසඳීම සඳහා ඉහළම මට්ටමින් සංවාදයක් ආරම්භ කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු. රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වල සිදුවන දැඩි තදබදය අවම කිරීම සහ දිනෙන් දින ඉහළ යන මරණ අනුපාතිකය අඩු කිරීම සඳහා සියලු ආකාරයේ උත්සව හා වෙනත් පොදු රැස්වීම් අඩු කිරීමට සහ පොදු කටයුතු සඳහා සීමා පැනවීමට රජය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වැලඳී ආදිවාසී පුද්ගලයෙක් මිය යයි…

Next Post

ගෝටාභය ජනාධිපති කළ මිනිස්සු බලාපොරොත්තු වුනේ මේක ද?… තමන්ගේ එළිපත්තට එන්න පෙර මර්ධනයට එරෙහි වෙන්න..

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.