පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ සමගි ජන බලවේගයේ විරෝධතාවයේ නිරත මන්ත්‍රී පිරිස හමුවට ගොස් සුහද කතාබහක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විරෝධතාවයක් දක්වන්නේනම් මීට වඩා වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී කරගත යුතු බවට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
එම ස්ථානයේ විරෝධතාවයේ නිරතව සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් අගමැතිවරයා සමග සුහද කතාබහක නිරත වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.
ඉතිහාසයේ තමන් සමග දේශපාලන සටන්වලට එක්වූ විරෝධයේ නිරත ව සිටි මන්ත්‍රීවරු සමඟ අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය සිහිපත් කරමින් කෙටි පිළිසඳරක යෙදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.