කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් මූල්‍ය විනයක් නොමැති ඔහු සමග සිය රැකියාව කිරීමට අපහසු බවත් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවන කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට තමන්ට රාජ්‍යසේවයෙනුත් විශ්‍රාම යෑමට අවශ්‍ය බව දන්වා ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය පරිපාලන සේවයේ තව දුරටත් නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මිනරල් සෑන්ඩ් ව්‍යාපෘතිය, පොස්පේට් නිධිය භාවිත කරමින් පොහොර නිපදවීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින නීතිරීති අනුව සිදු කළ නොහැකි බව අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. එහිදී අමාත්‍ය විමල් වීරවංශ හා ලේකම්වරයා අතර මත ගැටුමක්ද ඇතිවී ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායකගේ නම යෝජනා වී ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට නිහාල් කැප්පෙටිපොළ පත් කර ඇත.