නව කථානායක ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (17) ඒකමතිකව තේරී පත් වූයේය.
පාර්ලිමේන්තු මහලේකම්වරිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය විසින් නව කථානායක ධූරය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්නගේ නම යෝජනා කරනු ලැබුවාය.
සභා නායක බිමල් රත්නායක විසින් එම නාම යෝජනාව ස්ථිර කරනු ලැබුවේය.
ඊයේ සවස වනතුරු කථානායක ධූරය සඳහා අයෙක් යෝජනා කරන බව කීව ද ඒ ප්‍රකාශ කළ ආකාරයට විපක්ෂය කිසිම නාමයෝජනාවක් ඉදිරිපත් කළේ නැත. ඒ අනුව ඒකමතිකව නව කථානායකවරයාගේ නම සම්මත වූයේය.







