බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යාංශය කුෂාන් සර්ට අත නොතිබ්බේ බේබිට ඇති බයටද?…

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළිදරව් වුන කතාව...

by editor
නොවැම්බර් 23, 2022
in පුවත්
Oman
Share on FacebookShare on Twitter
  • මෙම නිලධාරියා මාරු කරන ලෙස  විදේශ සේවා සභාපති කළ මුල් ඉල්ලීම අමාත්‍යංශ ලේකම් නොසලකා හැරලා!

  • මුල්ම පැමිණිල්ල ගිය පෙබරවාරියේ . මාස  ගණනක් කිසිම පියවරක් ගෙන නෑ!

  • ජනාධිපති මැදිහත් වී සීඅයිඩිය නොයැව්වානම් අපරාධය තවදුරටත් !

ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේදී එරට අසරණ වූ ශ්‍රි ලාංකික කාන්තාවන් මුහුණ දෙන කණගාටුදායක ඉරණමේ තවත් කොණක් ඊයේ (22) පත්තු විය.

ඒ පාර්ලිමේන්තුවේදී රැස්වුණු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ය. තේමාව ඕමාන තානාපති කාර්යාලයේ සිටින මේ වනවිට රටම දන්නා කියන  කුප්‍රකට තෙවන ලේකම්වරයා  සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය පස්ස ගැසීම ගැනය.

එහිදී අනාවරණය වුණේ  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුයුක්ත නිලධාරියා විසින් සිදු කරනු ලබන අයථා ක්‍රියා ගණනාවක් සම්බන්ධයෙන් මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල යම් පියවරක් ගන්නා ලෙස විදේශ රැකියා අමාත්‍යංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුවත් කිරීම් සහ පැමිණිලි කළත් ඔහු සම්බන්ධයෙන් පසුගියදා ජන මාධ්‍ය  පත්තු කරන තෙක් කිසිදු පියවරක් නොගැනීම ගැනය.

කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු මෙම රැස්වීමේදී ඕමානයේ ප්‍රශ්නය ඇද ගත්තේ  ජාතික ජන බලවේග මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරියයි. ඇය එහිදී ඕමාන තානාපති කාර්යාලයේ   චූදිත නිලධාරියා සම්බන්ධයෙන් විදේශ සේවා කාර්යංශයට පැමිණිලි ලැබුණේ කවදාද ඔහු සම්බන්ධයෙන් පියවර ගත්තේ කවදාදැයි දින වකවානු පිළිබඳව ප්‍රශ්න කළ මොහොතේය.

ප්‍රශ්නයෙන්  ගැලවෙන්නට බැරි තරමට කමිටු සාමාජිකයෝ ඒ ගැන ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු ලබා දුන් කම්කරු සහ විදෙශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආනන්ද විමලවීර   ප්‍රකාශ කර සිටියේ මෙම නිලධාරියා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කරන බවට චෝදනා එල්ල වූයේ පසුගිය පෙබරවාරි මාසයේ බවය. එහෙත් ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කරන්නේ පසුගිය නොවැම්බර් මස 04 වැනිදාය. එම වැඩ තහනම් කිරීමේ තීරණය ගැනීමෙන් පසුව පවා දින කිහිපයක් යන තෙක් එය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත්ව තිබුණි. අපද ඒ ගැන වාර්තා කළෙමු.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාව දැඩිව ප්‍රශ්න කළේ පෙබරවාරි මාසයේ ලද පැමිණිලි මත ක්‍රියාත්මක වූයේ නැත්තේ මන්ද යන්නය. මෙම අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුයේ ඔහු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කළද අදාළ පැමිණිලි සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට හැකියාවක් නොවූ බවය. එබැවින් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාත්මත වීමක් සිදුව නැත.

එහෙත් ඕමානයේ තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවස්නයේ ගත කරන කාන්තාවන් මුහුණ දෙන දැඩි පීඩා පිළිබඳව පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රචාරය වෙද්දී විදේශ රැකියා අමාත්‍යංශයටත් කාර්යංශයටත් ඒ සම්බන්ධයෙන් පියවර නොගෙන ඉන්නට නොහැකි විය.

එහෙත් මේ මාධ්‍ය ප්‍රචාරයට පදනම් වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඕමානයට ගොස් මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදු කර කරණු වාර්තා කිරීමෙන අනතුරුවය. මේ  තොරතුරු මාධ්‍ය තුළන්ද පුළුල්ව ප්‍රචාරය විය.  ජනාධිපතිවරයා මේ කණ්ඩායම යවා විමර්ශනය නොකළේ නම් අදටද විදේශ සේවා නියුක්ති කාර්යාංශය එදිරිආරච්චිගේ කුෂාන් නැමති ඒ නිලධාරියා සුරකිමින් ඔහුගේ අයථා ක්‍රියාවන්ට අනුබල නොදෙන්නේ යයි කිව නොහැකිය.

ඊට හේතුව මෙම ජාවාරම පසුපස විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් සේම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ද සෘජුවම සහ වක්‍රව සම්බන්ධ බවට මේ වනවිට සී.අයිඩියට අනාවරණය වී තිබීමය.

විගණකාධිපති  දෙපාර්තමේන්තුව කළ අනාවරණය

විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන්ගේ මේ “සීතල ගේම“ පිළිබඳව තවත් අනාවරණයක් රාජ්‍ය ගිණුම් කාරක සභාවට විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධරියා විසින් සිදු කරන ලදී.  ඔහු ප්‍රකාශ කළේ මෙම කුප්‍රකට නිලධාරියා සම්බන්ධයෙන් කාන්තා අපචාර පමණක් නොව මුදල් වංචා චෝදනා ඇතුළු චෝදනා ගණනාවක් පැවතියද ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් මාස ගණනාක් තිස්සේ ගෙන නැති බවය.

විශේෂයෙන් මෙම වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා වූ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ   විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යවමින් මෙම චෝදනා සහිත නිලධාරියා අදාළ තනතුරේ දිගිටම රාජකාරීයේ යෙදවීම ඔහු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඔහු අදාළ ස්ථානයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවය. එහෙත්  ඊයේ පෙරේදා වන තෙක් ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට  කටයුත කෙරී නැත.

මේ ගැන රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී කළ ප්‍රශ්න කිරීම් හමුවේ වර්තමාන ලේකම් ආනන්ද විමලවීර මහතා සඳහන් කළේ තමන් එකල මෙම තනතුරේ කටයුතු නොකළද කැබිනට් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස තමන් ඒ වගකීම භාර ගන්නා බවය..

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෙලුවෙන්…

ඒ අනුව මේ වනවිටත් විදේශ සේවා නියුක්ති කාර්යංශය සිය ඇඳිවත ගලවාගෙන  පමණක් නොව පතිවත ද බිඳගෙන අවසන්ය. එහෙත් මේ ප්‍රශ්නය එතනින් අහවර නොවීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් අප හමුවේ ඉතිරි වෙයි.. එයින් එකක් වන්නේ අදාල නිලධාරියා සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවරය.

අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ මේ වනවිට වැඩතහනම් කොට ඇති නිලධාරියා ශ්‍රි ලංකාවට පැමිණි පසු අත්අඩංගුවට ගෙන ඉිදිරි විමර්ශන සිදු කරනු ඇති බවය. එය සිදුවිය යුත්තකි. මේ වනවිට වැඩ තහනම් කර ඇති මෙම නිලධාරියා ගේ  රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයද අවලංගු කර ඇත. ඔහු යළි මෙරට පැමිණිය යුත්තේද ඔහුගේ වියදමිනි. විදේශ අමාත්‍යංශය ඔහු එරටින් පිටුවහල් කිරීමට අදාල පියවර ගන්නා බවත් අනාවරණය විය.

මෙහිදී කාරක සභාවේ සාමාජික මන්ත්‍රිනි ඩයනා ගමගේ අවධාරණය කළේ ඔහුට මේ තත්ත්වය තුළ එම රටින් පැන මේ ප්‍රශ්නයෙන් බේරීමට ද  අවස්ථාවක් පවතින බවය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් පවතින මෙම බරපතල චෝදනා සම්බන්දයෙන් අදාල පියවර ගන්නා සේම  ඔහු  සම්බන්ධ විනය පරීක්ෂණ නිසි ලෙස සිදු කිරීමට හෝ ඔහු මාරු කිරීමට සාධනීය ලෙස අමාත්‍යංශය හෝ විදේශ සේවා නියුක්ති කාර්යංශය මාස 09ක් කිස්සේ කටයුතු  නොකලේ මන්ද යන්නද විමසිය යුත කරුණකි. ඊට අදාල වගකිව යුත්තන්ට දඩුවම් කිරීමේද යාන්ත්‍රණයක් තිබිය යුතුය .

බේබිගේ ගෝලයෙක්!

එහිදී ශ්‍රි ලංකාවේ සාමාන්‍යෙයන්  සිදුවන අසම්භාව්‍ය ක්‍රියාවක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සාධාණ සැකයක් එන්නේ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනකු ලෙස සිටින බේබි ලෙසින් හඳුන්වන ප්‍රභූ පුත්‍රයකු ගේ ගෝලයකු බවට කෙරෙන චෝදනාවක් සමගය.

මේ චෝදනාව ඊයේ දිනයෙදීම එල්ල කළේ ඕමාන කාන්තාවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ  කතා කරන තරුණයකු වන ඩුබායි සුද්දා ලෙසින් හඳුන්වා ගන්නා තරුණයා චමුදිත සමරවික්‍රම සමඟ සිදු කළ යූ ටියුබ් සාකච්ඡාවකදීය. අපටද සාධාරණ සැකයක් එන්නේ සමහර බේබිලාට නිලධාරීන් දක්වන බිය මේ කාන්තා පීඩක නිලධාරියාට අත තැබීමට විදේශ සේවා සහ අමාත්‍යංශ නිලධාරීන් බිය වූයේද යන්නය.

මේ සියල්ල කළත් ප්‍රශ්නය අහවර නැත. මේ වනවිටත් සංචාරක වීසා මත ඕමානයට ගිය කාන්තාවන් 70කට ආසනන් සංඛ්‍යාවක් අප මේ ලියන කියවන ත්තපරයේදීත් විවිධ පීඩාවන්ට ගොදුරුව එරට කල් ගෙවති.

ඔවුන් කවර කුමයකින් හෝ මේ රට හැර ගියේ ස්ව කැමත්තෙන් සැහැල්ලු සිතිවිල්ලතින් නොවේ. සියලු අවදානම් ගෙන ඔවුන් සිය සැමියන් දරුවන් තනිකර යන්නේ සෞභාග්‍යයේ  දැක්මෙන් උදා වූ අභාග්‍ය සම්පන්න ආර්ථිකය හමුවේ සිය පවුලේ කුස ගිනි නිවන්නටය. අද මේ දරු මල්ලෝත් මෙහි තැවෙමින් සිටිති.

ඒ නිසා දඩුවම් වගේම ඔවුන්ගේ පීඩනයට විසඳුම්ද කඩිනමින් දිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩ්‍රෝන කැමරාවට හසු වු රජයේ රක්ෂිතයක් මැද ගංජා වගාවක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන විනාශ කරයි…  

Next Post

අම්මා කෙනෙක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ගසක නැගී ගිනි  තියාගන්න හදලා.

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.