බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

by editor
මැයි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත මූල්‍ය අර්බුදයක සිටින ශ්‍රි ලංකාව මේ දිනවල රටක් ලෙස බලාපොරොත්තු වන ලොකුම දේ විදේශ සංචිතයට ඩොලරයක් දෙකක් හෝ කොහෙන්හරි   එකතු කර ගැනීමය. එහිදී ශ්‍රි ලංකාව තමන්ගේ මිතුරු රටවල් යයි සිතන රටවල් දෙස බලන්නේ වඩාත් ඕනෑකමිනි. රාජපක්ෂ පාලනය සඳහා නිකම්ම නිකම් පාරක් නොව කාපට් දැමූ පාරක් හදන්නට මහන්සි වුණු චීනය දෙස එහිදී බැලෙන්නේ නිරායාසයෙනි.

කොපමණ බැලුවත් චීනය තවමත් ශ්‍රි ලංකාව දෙස ඇස හැර බැලූ බවක් පෙනෙන්නේ නැත. එයට මනා නිදසුනක් පසුගියදා හෙළි කළේ නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහය.  ඔහු එහිදී හෙළි කර  තිබුණේ කලින් සිටි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පම්පෝරි ගැසූ චීනයෙන් ලැබුණු බව කියන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක විනිමය හුවමාරු ණය සහනය පිළිබඳවය.  ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින චීන මහජන බැංකුවෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.5 කට සමාන වත්කම් (යුවාන් මුදල් ඒකකයෙන්) ශ්‍රී ලංකාවේ කිසිදු අවශ්‍යතාවක් වෙනුවෙන් භාවිත කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී පෙන්වා දී තිබුණි.

රටට ඇන්නූ “බොරු“ ණය මුදල

“එම මුදල් කිසිදු කටයුත්තකට  පාවිච්චි කරන්න බැහැ දැනට. හේතුව චීන මහජන බැංකුව මේ සම්බන්ධයෙන් දමා ඇති කොන්දේසි . අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවක්…  අපි ඉල්ලනවා මේක ලිහිල්  කරන්න කියලා  පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට. අපි ඉල්ලීමක් කරලත් තියෙනවා. අපි ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ මුදල අඩුම ගානේ චීනෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන්වත් පාවිච්චි කරන්න පුළුවන් විදියට එය භාවිත කරන්න උත්සාහ කරනවා. ඒ සම්බන්ධයෙන් ඒ කොන්දේසිය වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට හදාගන්න.”

චීනයෙන් මෙම ඩොලර් බිලියන 1.5කට සමාන වටිනාකමකින් යුතු යුවාන් ප්‍රමාණය හුවමාරු ණයක් ලෙස ලබාගැනීමේදී හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දුන්නේ එම ණය මුදල ඔස්සේ මෙරට විදේශ සංචිතය සැලකිය යුතු ලෙස වර්ධනය වන බවයි. එහෙත් අද වන විට අනාවරණය වී ඇත්තේ එම මුදල භාවිත කරමින් අවම තරමින් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන්වූ බිල්පත් පියවිමටවත් භාවිත කළ නොහැකි බවය.

ඒ අනුව එය  චීනය සමග එක්ව කරන ලද සම්පුර්ණ වංචාවක් ලෙස පෙනී යයි. මෙලෙස, මෙරට සංචිත ඉහල අගයක පවතින බව වංචනික ව ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ඉදිරියේදී පැමිණීමට නියමිත බරපතල මුල්‍ය අර්බුදයක් ඕනෑකමින්ම සඟවාගෙන සිටි බවට චෝදනා එල්ල වුවත් එවැන්නකට කිසිවකුටත් ලබාදිය හැකි දඬුවමක් නැත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

විදේශ ලේකම් ගේ චීන සහන මල්ලේ කෙරුවාව

මේ හා සමාන තවත් නිර්ලජ්ජිත වංචනික කටයුත්තක් පසුගිය දිනෙක වාර්තා විය. එය ‘සිල්ලර සිදුවීමක්’ ලෙස බැලූ බැල්මට පෙනුණත්, ඒ පිටුපස පවතින්නේ චීනයේ ඉතාම බරපතල වංචනික අරමුණක් බව පැහැදිළිය. එම සිදුවීම මෙසේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන්ට කොළඹ චීන තානාපති කාර්යාලය හරහා  අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බඩු මලු බෙදාදීමට කරන ලද උත්සාහයක් අදාළ සේවකයන්ගේ විරෝධය මධ්‍යයේ ව්‍යර්ථ වී ගොස් ඇත. මෙහිදී චීනයට අවශ්‍යවී ඇත්තේ සහල්, සීනි, පරිප්පු සහ හාල්මැස්සන් සහිත ආහාර ඇසුරුම් විදේශ අමාත්‍යාංශයේ සේවක සේවිකාවන්ට බෙදාදීමටය. විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ විසින් මෙම චීනයේ මෙම උත්සාහයට අවසර ලබා දී ඇති අතර, මෙම බඩු මලු බෙදා හැරීමේ මාර්ගය ලෙස චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය භාවිත කිරීමට නියමිතව තිබුණු බව වාර්තා වෙයි.

ආරම්භයේදී මින් බඩු මලු කිහිපයක් සංකේතාත්මකව බෙදාහැරීමට සුදානම් කර ඇත.

පරිපාලන සේවයේ සිටින විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විදේශ සේවක සේවිකාවන්ගේ නම් සහ ලිපිනයන් සෙවීමේදී මෙම බඩු මලු බෙදාදීමේ තොරතුරු අනාවරණය වී තිබෙන බව පැවසෙයි. මින් කෝපයට පත් විදේශ සේවා නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ හමුවී සාකච්ඡා කර ඇති අතර, “විශේෂයෙන් ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකයින් එවැනි පරිත්‍යාග පිළිගැනීම සුදුසු නොවන බවත්, ඒ හරහා විදේශ සේවය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අපහසුතාවට පත්වන බවත් තරයේ විශ්වාස කරන බව විදේශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.

එහිදී තමා චීනය හමුවේ පත් අපහසුතාව මඟහරවා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශයේ සුබසාධක සංගමයට එම ආහාර ඇසුරුම් පිළිගන්නා ලෙස විදේශ ලේකම් කොළඹගේ නියෝග කර ඇති නමුත්, අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම නිසා විදේශ ලේකම් ධූරය පුරප්පාඩු වී ඇති අවස්ථාවක ජයනාත් කොළඹගේට එවැනි නියෝගයක් ලබාදීමට නොහැකි බව පවසමින් සුබසාධක සංගමයද එම බඩු මලු ප්‍රතික්ෂේප කර ඇත.

සහනාධාර මල්ලක සැඟවී එන චීන දේශාපලන මැදිත්වීම

අලුත් අවුරුද්දට බඩු මළු දුන්න හැටි… චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රදානයක් ලෙස ලංකාවේ දේශපාලන පක්ෂ 16ක් වෙත මෙම බඩු මළු බෙදා දුන්නේ චීන තානාපති කාර්යාලය විසිනි…

මෙම නිර්ලජ්ජිත කටයුත්ත සහ චීනය සමග එක්ව පසුගිය වකවානුවේ සිදුකළ තවත් සුක්ෂම කටයුතු රාශියක් පිළිබඳව විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයාට චෝදනා ද එල්ලවී තිබුණි. කෙසේ හෝ වේ වා, පසුගිය සතියේ සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව විදේශ කටයුතු ඇමතිවරයා ලෙස එම ධුරය මිට පෙර දරන ලද මහාචාර්ය ජී.ඇල්. පීරිස්වම නැවත පත්කෙරුණද, නව අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ජයනාත් කොළඹගේ පත්කෙරුණේ නැත. එලෙස ඔහුව ප්‍රතික්ෂේපවිමටද චීනය සමග සිදුකළ ගනුදෙනු බලපෑ බව අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි.

මෙය චීනයේ උපක්‍රමයට අනුව සළකා බැලුවහොත්, පෙනීයන්නේ එය මෙරට දේශපාලනයට සෘජුව මැදිහත්වීමට චීනය ක්‍රියාත්මක කර ඇති සියුම් ක්‍රියාවලියක තවත් එක පියවරක් බවයි. කොළඹ චීන තානාපති කාර්යාලය විසින්  අලුත් අවුරුදු සමය යැයි කියමින් තෝරා ගත් සිංහල සහ දෙමළ පවුල් යම් ප්‍රමාණයකටද  බඩු මලු බෙදූ අතර මෙම මාසය ආරම්භයේදී රාමසාන් සමය වෙනුවෙන් මුස්ලිම් පවුල්වලටද ආධාර කිරීමට ඉදිරිපත් විය.  මෙහි විශේෂත්වය වූයේ මෙම සියලුම භාණ්ඩ බෙදාහැරීම් මෙරට සියලුම දේශපාලන පක්ෂ හරහා සිදු කරවීමට චීනය පියවර ගෙන තිබීමය.

ඒ අනුව පළමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂවල නායකයන් වෙත මෙම බඩු මලු ලබාදී, අනතුරුව එම පක්ෂ කාර්යාල හරහා ඒවා බෙදා හැරීමට කටයුතු කර තිබුණි. මෙය ඉතා පැහැදිලිවම මෙරට දේශපාලන කටයුතුවලට චීනය මැදිහත්වූ අවස්ථාවක් වන අතර චීනයේ පැහැදිලි උපක්‍රමය වී ඇත්තේ, මෙමගින් ඉදිරියේදී සියලුම දේශපාලන පක්ෂවල සහ ඒවායේ ඡන්දදායකයන්ගේ හොඳහිත දිනාගෙන සිය අනාගත උපක්‍රමශීලි මැදිහත්වීම් වලදී චීන විරෝධයක් නොනැගෙන සේ, එය අනාගත ආයෝජනයක් ලෙස භාවිත කිරීමය.

ආධාර ලබාදෙන මුවාවෙන් චීනය සිදුකරන මෙම ක්‍රියාව වඩාත් හොඳින්  පැහැදිළි වන්නේ ඉන්දියාව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවල් සහ අන්තර්ජාතික සංවිධාන රැසක් විසින්ම මේ මොහොතේ අනාගත ප්‍රතිලාභ පසෙකලා මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට උපකාර කරමින් සිටින ආකාරය දෙස බැලීමේදීය. විශේෂයෙන් ඉන්දියාව විසින් මේ වන විටත් මාස දෙකක කාලයක් තිස්සේ මෙරටට අත්‍යවශ්‍ය ඉන්ධන, ආහාර සහ ඖෂධ සහන ණය පදනම යටතේ සපයමින් ඇත. ඊට අමතරව තමිල්නාඩු ප්‍රාන්තය විසින් වෙනමම රැස්කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 05කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය මානුෂීය ආධාර තොගයක්ද මෙරටට එවීමට පටන්ගෙන තිබේ.

මෙවැනි මිත්‍ර පාර්ශවවල අවංක මැදිහත්වීම් දෙස බලනවිට, චීනයේ මෙම බාල  ආධාර බෙදීම, ශ්‍රී ලංකාව සමග වසර සිය ගණනක් තිස්සේ පවතිනවා යැයි කියන ද්විපාර්ශ්වික සබඳතා වල ස්වභාවයද බරපතල දියාරු කිරීමකට ලක්කරන බව නම් අමුතුවෙන් කිවයුතු නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෛනික සහල් පරිභෝජනය අඩකින් අඩු වෙලා…  එක්සත් සහල් නිශ්පාදකයින්ගේ සංගමය…

Next Post

අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.