පානදුර සුමිත් පොතුපිටිය –
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ජීව පතුරම් නමයක් සමඟ පුද්ගලයෙකු ඊයේ (21) රාත්‍රියේ අත්අඩංගුවට ගත්බව කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවෙස පරික්ෂා කිරීමේදී සිගානා වර්ගයට අයත් මිලි මීටර් 9 විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එම පතුරම් නමයක් සොයාගත් බව පොලිසිය කීය.
නිවස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී මත්ගුලි 184 ක් සොයාගත් බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දරගේ නියෝග පරිදි අධ්‍යක්ෂක පුහුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ.ඒ.කේ. රත්නායකගේ මෙහෙයවීම යටතේ කටුකුරුන්ද පුහුණු පාසලේ සහකාර පොලිස් අධිකාරි අසිත රණසූරිය ගේ උපදෙස් මත මෙහෙයුම් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







