fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස්ගත ශ්‍රමිකයන් 20,000ක් භාරගන්න ජවිපෙ සූදානම්

වසර 2ක් ago
in පුවත්
438 5
0
Share on FacebookShare on Twitter

මෙරටට පැමිණීමට සූදානමින් සිටින විදෙස්ගත ශ්‍රමිකයන් 40,000න් 20,000කගේ වගකීම භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ රජයට දැනුම් දී ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීමට තවමත් රජය නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුනපා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.

රට ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණදුන් සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව ඉදිරිපත්ව එම තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා කැපවී ක්‍රියාකළ ආකාරය සිහිපත් කළ ඒ මහතා ව්‍යසනය හමුවේ ද ඒ ආකාරයටම කටයුතු කළ බවත් විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණ පා සිටින ගැටලුවලින් ඔවුන් මුදාගෙන මෙරටට ගෙන්වා දෙන්න නම් ඔවුන් භාරගැනීමට සූදානම් බවත් කීය.

විදෙස් රටවල විවිධ රැකියාවන්ට ගොස් දහදුක් විඳිමින් මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙමින් සිටින විදෙස් ශ්‍රමිකයින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අද අසරණව සිටින බවත් එවැනි මොහොතක ඔවුන් ගැන නොබලා ආණ්ඩුව අහක බලාගෙන සිටියත් වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට එලෙස අහක බලාගෙන සිටිය නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස්ගත ශ්‍රමිකයන් අන්තඅසරණ තත්ත්වයකට පත්වූ බවත් අපාදුක් විඳින ඒ අසරණ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගැනීම සදහා රජය වහාම ක්‍රියා කළයුතු බවත් ලාල්කාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් 40,000ට හරි අඩක් භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් ඔවුන්ට අවශ්‍ය කරන ස්ථාන වෙන්කර ගැනීම, ඊට අවශ්‍ය ආධාර උපකාර සොයාගැනීම, මූල්‍ය පහසුකම් ලබාගැනීමට තමන් කටයුතු කළත් ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගැනීම රජය සිදු කළ යුතු අතර සෞඛ්‍ය පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ගත යුතු බවත් ඒ මහතා පවසයි.

විදෙස්ගත ශ්‍රමිකයින් බලාගැනීම තමන්ට අභියෝගයක් ලෙස සැලකුනත් එය ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් නොවන්නේ ඉතිහාසයේ විවිධ යුගවල දී මෙරට මුහුණ පෑ විවිධ වූ විපත්වලදී ජනතාව ඉන් මුදවාගැනීම සඳහා ප්‍රධානතම මැදිහත්කරුවකු ලෙස කටයුතු කර තිබෙන නිසා බව පැවසීය.

සුනාමියෙන් විනාශ වී ගිය දුම්රිය මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ අභියෝගය ආණ්ඩුවට භාරගැනීමට නොහැකිව අවුරුද්දක කාලයකට එම කටයුත්ත ඉන්දියාවට දීමට සූදානම් වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී දින පනස් හයක් තුළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් ඉන්දියාවට මෙරටින් යෑමට තිබූ විශාල මුදලක් ඉතිරි කර දුන් ආකාරය සිහිපත් කළ ලාල්කාන්ත මහතා එවන් අභියෝග ජයගත් ජනතා විමුක්ති පෙරමුණට මෙය අභියෝගයක් නොවන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඇසුනත් කට පොපියන යාපනේ කෑම ගෙදරදී හදමු 01

Next Post

ඡන්ද පෝස්ටරේ ඉදිරිපිට මැ.කො තදින් සිටී

Related Posts

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

මැයි 28, 2022

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

මැයි 28, 2022

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

මැයි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…
  • අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    273 shares
    Share 109 Tweet 68
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    172 shares
    Share 69 Tweet 43
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    172 shares
    Share 69 Tweet 43
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    209 shares
    Share 84 Tweet 52
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

දින 50යි…. ගෝඨාට ගෙදර යන්නම කියමින් අරලයේ පා ගමන ඇරඹෙයි…

අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

by editor
මැයි 28, 2022
0

අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ...

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

by editor
මැයි 28, 2022
0

තමන්  ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist