අනුරාධපුර – පර්සි කුරුනේරු –
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සියයට අනූවකින් ඉහළ නැංවීමට අපොහොසත්වන පාසල්වල විදුහල්පතිවරුන්ගේ වැටුප් වර්ධක අත්හිටුවීමට තීරණය කොට ඇති බවට අනතුරු අඟවමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු (23) පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.
“ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු විදුහල්පති වරුන්ගේ උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදීම සිදු කරන්නෙ.
නමුත් විෂමාචාර චෝදනාවකට ලක්වූ ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකුගේ වැටුප් වර්ධක අත්හිටුවීමට හැකියාව ඇත්තේත් ගුරු සේවා ව්‍යවස්ථාව අනුවයි. එසේ නොමැතිව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට කළ හැකි දේවල් නොවෙයි.”
“ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාගයේ ප්‍රතිපල ඉහළ නැංවීමට අපොහොසත්වන විදුහල්පතිවරුන්ට එරෙහිව එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට කිසිසේත්ම හැකියාවක් නෑ.”
“විභාග ප්‍රතිපල ඉහළ නැංවීම කේන්ද්‍ර කර ගෙන නිසි දැක්මක් නොමැතිව අධ්‍යාපනය මෙහෙයවීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කටයුතු කරනව. අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සඳහා පාසල්වලට අවශ්‍ය සම්පත් ලබා නොදී සහ බරපතළ ගුරු හිඟයක් පවතින නුවරඑළිය වලපනේ හඟුරන්කෙත තෙල්දෙනිය සහ කොත්මලේ යන කලාපවල පාසල්වලට විසදුම් නොදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙවැනි ලිපියක් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම හාස්‍ය ජනකයි.”
“එනිසා එම ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය ලෙසට අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා.”