විදුලි බිල වැඩිකිරීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ.
ජනාධිපතිවරයා ප්රමුඛ පොහොට්ටුවේ බහුතරයක් විදුලි බිල වැඩිකළ යුතුය යන ස්ථාවරයේ සිටීමත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්රමුඛ පොහොට්ටුවේ සුළුතර ප්‍රබලයින් පිරිසක් විදුලිිබිල වැඩි නොකළ යුතුය යන ස්ථාවරයේ සිටීමත් නිසා මෙම අභ්‍යන්තර අර්බුදය හටගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගැනීම හෙට (09) දක්වා කල් තැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඒ අර්බුදය නිසා බව වාර්තා වේ.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම කඩිනම් කිරීමට නම් විදුලි බිල වැඩි කිරීම කළ යුතු බවත්, පසුගිය වසර දහයකට අධික කාලයක් විදුලි බිල වැඩි කර නැති බවත් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂය වෙත පෙන්වා දී ඇත.
විදුලි බිල වැඩිකිරීම ජනප්‍රිය තීන්දුවක් නොවුනත් රට වෙනුවෙන් එය කළ යුතු කාර්යයක් බවත්, එසේ නොවුනහොත් එහි අහිතකර ප්‍රතිවිපාකවලට රටක් වශයෙන් මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් විදුලි බිල වැඩිකිරීම සම්බන්ධව මතුව ඇති අභ්‍යන්තර අර්බුදය තවමත් විසඳී නොමැති පසුබිමක හෙට යළිත් කැබිනට් මණ්ඩලයට විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව ගෙන ඒමට නියමිත බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.