සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බල ඇමති දූෂිතයෙක්… හොරෙක්… ඔහු ඉල්ලා අස් විය යුතුයි… අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
පෙබරවාරි 20, 2026
in පුවත්
"Energy Minister Punya Sri Kumara Jayakody Corruption Case
Share on FacebookShare on Twitter
  • බොරු චෝදනා නොකර පුලුවන් නම් ඔප්පු කරන්න… ඇමතිගෙන් අජිත් පී පෙරේරාට අභියෝගයක්…

විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි දූෂිතයෙක් බවත්, අධිකරණය ඉදිරියේ වරදකරු වූ මූල්‍ය අපරාධකරුවෙක් බවත්, ඔහුට මේ වනවිට අල්ලස්  හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කළත් දේශපාලන බලපෑම් මත එම අධි චෝදනා ගොනු කිරීම වළක්වාගෙන සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා අද පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.

ඔහු කීවේ මෙවැනි දූෂිත පුද්ගලයෙක් රටේ ආර්ථිකයෙන් තුනෙන් එකකටත් වඩා වටිනාකමක් සහිත ආයතනයක ඇමතිවරයා ලෙස පත් කර ජනාධිපති අනුර කුමාර දිසානායකත් ගල් අඟුරු ටෙන්ඩර වංචාවට හවුල් වූ බවය.

අජිත් පී පෙරේරා සිය විවාදය පටන් ගත්තේ මේ ආකාරයෙනි.

“කුමාර ජයකොඩි ඇමති තුමා. විවාදය පටන් ගන්න කලින් දැනගන්න කැමතියි. ඔබතුමා බලශක්ති ඇමති ධූරයට පත් වෙනකොට ඔබතුමා කලින් කලින් කරපු රස්සාවෙන් ඔබතුමා අයින් කරලා තිබුණා ටෙන්ඩරයක දූෂණයක් සිද්ධ කළා කියලා. ඔබතුමාට රස්සාව නැති වුනා. ඔබතුමාට නඩු දැම්මා. ඒ නඩුවෙන් ඔබතුමා වැරදිකරු වුනා. අල්ලස් හෝ දූෂණ හෝ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් තිබුණා. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා මේ ඔක්කොම දැනගෙන තමන්ගේ කල්‍යාණ මිත්‍රයා කාලයක් තිස්සේ තමන්ගේ කාඩරයේ එකට වැඩ කළ මිත්‍රයා ගැන විශ්වාසය තියලා චෝදනා තිබිච්ච, අල්ලස් කොමිසමේ චෝදනා තිබිච්ච, ඒ වෙනකොට වරදකරු වෙච්ච ඒ වෙනාකොට පොහොර සමාගමේ ටෙන්ඩරය හොරකම් කරලා වරදකරු වෙලා රස්සාව නැති වෙච්ච මනුස්සයා මේ රටේ ආර්ථිකයේ තුනෙන් එකක වගකීම තියන බලශක්ති ඇමතිකමට පත් කළා.

ඔන්න ඕකයි ප්‍රශ්නය. “

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

කුමාර ජයකොඩි ඇමතිවරයා ඒ අවස්ථාවේ දී නැගී සිට ප්‍රකාශ කළේ අමූලික බොරු සමාජගත නොකර හැකිනම් ඔය කියන චෝදනාව ඔප්පු කර පෙන්වන ලෙසය.  ඒ ප්‍රකාශයෙන් අනතුරුව  අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා යළි  මෙසේ පැවසුවේය.

වර්තමාන විදුලිබල ඇමති කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ ටෙන්ඩර් විෂය භාර ඇමතිවරයා ලෙස කටයුතු කළා. ඒ පිළිබඳව දූෂණයක් සිද්ධ වුනා. ඒ නිසා ඔහුට රස්සාව නැති වුනා. රස්සාවට යන්න බැරි වුනා. ඊට පස්සේ ඔහු නඩු දැම්මා. නඩු දැම්මාම ඔබතුමාව කරපු වරදක් කළා කියලා  සනාථ වෙලා ඔබතුමා නඩුව පරාද වුනා.

ඊට පස්සේ ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමරශන කොමිසමට පැමිණිල්ලක් කළා. අදටත් ඒ පැමිණිල්ල තියනවා. අදටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ඒ පැමිණිල්ල තියනවා. ඒක  නෑ කියනව ද?

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ඔබතුමා පරීකෂණයට ලක් වෙලා ඉන්නේ. ඔබතුමාට අධි චෝදනා ගොනු කරන්න තීරණය කළාම දේශපාලන බලපෑම් කරලා මේ ඇමතිට විරුද්ධව තියන ඒ නඩුව නතර කරන් තියනවා.

මේක මම කියන දෙයක් නෙමෙයි. මේ සභාවෙත් මේක මේ ගැන මීට කලින් කතා කළා. මේ වගේ දූෂණයකට සම්බන්ධ දූෂණයක් කරපු  දූෂණයක් පිළිබඳ බරපතල අපරාධමය විමර්ශනයකට ලක් වෙලා තියන කෙනෙක් මේ වගේ රටේ ආර්ථිකය පිලිබඳ බරපතල වගකීමක් දරන ඇමති ධූරයකට පත් කරපු අනුර කුමාර දිසානායකත් මේ හොරකමට වග කියන්න ඕන..

අජිත් පී පෙරේරා අවධාරණය කළේ විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි මේ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර  සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

කෙසේ වෙතත් කුමාර ජයකොඩි ඇමතිවරයාජ මේ නැගෙන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් හැකිනම් මේ කියන කතාව ඔප්පු කර පෙන්වන ලෙස අජිත් පී පෙරේරාට අභියෝග කළේය.

ඒ අවස්ථාවේ දී අමාත්‍ය කුමාර ජයකොඩි නැගිට්ටේය. ඔහු කීවේ මෙවැන්නකි.

ගරු කතා නායක තුමනි. බොරු සමාජගත කරන පිකාසෝලා තමයි මේ විපක්ෂයේ ඉන්නේ. පුලුවන් නම් ඔප්පු කරන්න මම සේවය හැර ගිහින් තියෙන්නේ ආයතනයෙන්. පුලුවන් නම් ඔප්පු කරන්න එහෙම නෙමෙයි කියලා. පුලුවන්නම් ඔප්පු කරන්න. මම ඒක අතරහැරලා ආවේ.

ඕන කෙනෙකුට චෝදනා කරන්න පුලුවන්. පුලුවන් නම් ඔප්පු කරන්න. කුමාර ජයකොඩි පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විටින් විට ඇතිවන ගෑස් හිඟයට හේතුව විගණනය කියයි…

Next Post

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක්  සොයා ගන්න පොලිසිය මහජන සහාය පතයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.