මහජන උපයෝගීතා කොමිසම විසින් නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ පහත පරිදි පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය 1 සහ රාත්රියේ පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකරනු ඇත.
තාප විදුලි බලාගාරවල ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කරන අවස්ථාවලදී විදුලි ඉල්ලුම කළමනාකරණය ක්රියාමාර්ග ගැනීමට මෙම කාලසටහන සීමා වන බව මහජන උපයෝගීතා කොමිසම දන්වයි.
ජල විදුලි බලාගාර ආශ්රිතව පවතින වැසි ප්රමාණය අනුව විදුලි ඉල්ලුම කළමනාකරණ ක්රියාමාර්ග අත්හිටවනු ලැබිය හැකි බව ද කොමිසම දන්වයි.








