ජලවිදුලි නිෂ්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් අතිරික්ත ජලය ජලාශවල නොමැති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත අද (03) ලිඛිතව දැනුම් දී තිබේ.
අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති බව මහවැලි අධිකාරිය අනාවරණය කර ඇත.
දැනට පවතින ජලය පානීය ජල අවශ්‍යතා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ජල විදුලි නිෂ්පාදනය සඳහා මුදා හැරිය නොහැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.







