වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත වැඩ බලන පොලිස්පති ධූරය සඳහා තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් දැඩි අභිලාෂයකින් යුතුව වැඩ බලන පොලිස්පතිවරයා එම ධූරයේ තබා ගැනීමට කැපවීමත්, ඇමතිවරයා විසින් ජූනි මස වනවිට මත්ද්‍රව්‍ය සහ පාතාලය රටින් තුරන් කිරීමට ලබා දී ඇති පොරොන්දුවත් පිබඳ වූ අවධානය ද සහිතව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත උක්ත සේවා දිගුව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශබන්දු තෙන්නකෝන් වෙත පොලිස්පති ධූරයේ වැඩ බැලීම සදහා ලබා දුන් මාස තුනක කාලය තව සති තුනකින් අවසන් වීමට නියමිතව ඇත.







