ෆැසිස්ට්වාදී ක්‍රියාවන්ට ඉඩ නොතබා සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටතමන් පියවර ගන්නා බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ මේ ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවක දී ය.
රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත්වීමෙන් පසු පොදු ජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් පළාත් මට්ටමින් හමුවී සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
අද එහි එක් පියවරක් ලෙස වයඹ උතුරුමැද සහ උතුරු නැගෙනහිර පළාත්වල මන්ත්‍රීවරු සමග සාකච්ඡා පවත්වා තිබේ
රටේ වත්මන් තත්ත්වය සහ අනිද්දා ඡන්ද උණුසුම හා ඉන් පසුව ගන්නා පියවර සම්බන්දව අද පැවති සාකච්චාවේ දී වැඩි අවධානයක් යොමු කර ඇත..
නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට ස්වාධීනව ඒ සඳහා තීරණ ගැනීමේ අවස්ථාව තිබිය යුතු බවත් ඊට හානි කර ආකායරට කඩා කප්පල්කාරී කටයුතු කරන්නේ නම් ඒ සියලු කඩාකප්පල්කාරී ක්‍රියාවන් පාලනය කිරීමට පියවර ගන්නා බවත් වැඩ බලන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.







