ඊයේ (19) රාත්රියේ අඹන්පොල කඩහතගම ප්රදේශයට පැමිණි වන ඇතෙක් වැසිකිළි වලකට ඇද වැටී මියයාමේ සිද්ධියක් වාර්තා වේ.

ඇතා වැසිකිලි වළට වැටී සිරවී මිය ගොස් සිටි අතර මහව වනජීවී කාර්යාලයෙන් පැමිණ ඊයේ හවස එම මිය ගිය ඇතා ගේ සිරුර ගොඩගන්නා ලදී.
කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව අඹන්පොල මහව යාපහුව ඇහැටුවැව ප්රදේශවල මේ දිනවල වල් අලි කරදරය උග්ර ලෙසින් පවතී. රැයක් දහවලක් නොමැතිව වන අලින්ගෙන් වගාබිම් වලට සිදුවන කරදර හේතුවෙන් එම ප්රදේශවල මිනිසුන් ජීවත් වන්නේ අපමණ පීඩාවෙනි.
මේ වටිනා දළ ඇතා ඒ අලි මිනිස් ගැටුමේ තවත් ඛේඳනීය අන්තියක් යළිත් සනිටුහන් කර ඇත්තේය.
.







