මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ සිට මඩකලපු බලා ගමන් කරමින් තිබු දුම්රියට වැලිකන්ද මැණික්දෙනිය දුම්රිය හරස් මාර්ගයේදී අද (05) සවස 2ට පමණ වැලි ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් රියදුරු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
මෙම දුම්රිය ටිපර් රථ අනතුරෙන් ටිපර් රථයට බරපතල හානි සිදුවී ඇති අතර වැලි ටිපර් රථය දුම්රිය එන්ජිමේ හිරවී ඇති බවද පොලිසිය පවසයි.
වැලිකන්ද දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ උදයදේවී දුම්රියේ වැලි ටිපර් ගැටීමත් සමඟ ටිපර් රථ රියදුරු ලොරියෙන් පැන ජීවිතය බේරාගෙන බව ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
මෙම බරපතළ අනතුරෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති අනතුර සිදුවන මොහොතේ දුම්රිය ගේට්ටු ආරක්ෂක මුරකරු එම් ස්ථානයේ නොසිට ඇති බව ද අනාවරණය වී ඇත.
සිද්ධිය පිළිබඳ වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







