සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්ද නෙළුම්වැව සිවිල් ආරක්ෂක බලකා ගොවිපල තුළ නිධන් හාරලා… සිවිල් ආරක්ෂක ලොක්කෝ අල්ලේ පැලවෙන බොරු කියති!

by editor
ඔක්තෝබර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සිවිල් ආරක්ෂක බලකා මූලස්ථාන යටතේ පාලනය වන වැලිකන්ද නෙළුම්වැව ඩී 08 සිවිල් ආරක්ෂක ගොවිපළ තුළ ඉපැරණි චෛත්‍යයක් පිහිටා තිබූ ස්ථානයක් මීට දින කිහිපයකට පෙර කැනීම් කර එහි තිබූ පුරාවස්තු රැගෙන ඇති ගොස් තිබේ.

පොළොන්නරුව වැලිකන්ද සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානය මගින් මෙම ගොවිපළ පාලනය කරන අතර එම නිධන් වස්තු කැනීම් කරන දින කීපය තුළ එම ස්ථානයේ සිවිල් ආරක්ෂකයින් නොසිට ඇති බවත්, එලෙස ගොවිපල තුළ සිවිල් ආරක්ෂකයින් නොසිට ඇත්තේ පුරාවස්තු කැණීම් කිරීමට අවස්ථාව සැලසීමක් වශයෙන් බවට සැකකරන බවත් මේ සම්බන්ධව චෝදනා කරන නෙලුම්වැව ගොවීහු පවසති.

නෙළුම්වැව සහ ඒ අවට පුරාවස්තු පිහිටා තිබෙන ස්ථාන මීට පෙරද නිදන් වස්තු ජාවාරම්කරුවන් විසින් කැණීම් කර ඇති බවත්, මෙම පුරාවස්තු රැකගැනීමට නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවන ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ඒ සම්බන්ධ ක්‍රියා කරන අමාත්‍යාංශ සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.

ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් මෙන්ම පරිසරවේදීන් එල්ල කරන චෝදනාව පිළිබඳ අප පොළොන්නරුව වැලිකන්ද රිදීපොකුණ
සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ දෙවන අණදෙන නිලධාරී ප්‍රසාත් ගුණරත්නගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු කියා සිටියේ, එම කැනීම් කර ඇත්තේ ගොවිපොළ තුළ නොව ඒ ආසන්නයේ බවය. මේ පිළිබඳව වැලිකන්ද පොලිසියෙන් පැමිණ විමර්ශනයක් සිදුකර ඇති බව ද ඔහු පැවසුවේය.

අප මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගෙන් දුරකථන‍යෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ,එලෙස නිදන් වස්තු කැණීම් කිරීම පිළිබඳව, මේ දක්වාම පැමිණිල්ලක් පොලිසියට නොලැබුන බවත්, ඒ සම්බන්ධ විමර්ශනයක් සිදුකර නොමැති බවත්ය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

අනතුරුව අප මේ සම්බන්ධව වැලිකන්ද රිදීපොකුණ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරී රෝහිත නවරත්නගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, කැනීම් කර ඇත්තේ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ ගොවිපල තුළ නොවන බවත්,එම කැණීම් සිදුකර ඇත්තේ මීට මාස එකහමාරකට පෙර බලකා මූලස්ථානය ආසන්නයේ බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අර්තාපල් සහ ලොකු ලූනුවල ආනයනික බදු වැඩි කරයි…

Next Post

මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන ශාලා සංකීරණයක් නම් කෙරේ…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.