වැලිකඩ රක්ෂිත බන්ධනාගාරයේ රැදවියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මෙම රැඳවියා කන්දකාඩුවේ හි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි 27 වන දා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද අයෙකි.
මෙම හදුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදුකරමින් පවතී.
මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරින් ද බඳුන් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය .
Discussion about this post