බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැරදුන වෙඩිල්ල තිබ්බේ මාව ඉලක්ක කරන්… වැඩේ කළේ  පොලිසියෙන්… දුරකථන අලෙවිසල හිමිකාර තරුණයාගෙන් චෝදනාවක්…

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර තෙලිජ්ජවිල මාලිම්බඩ සිද්ධ වූ වෙඩි තැබීමේ ඉලක්කය වූයේ තමා මිස තම යහලුවා නොවන බවත්, තමන් ඉලක්ක කරගෙන සිදුකළ මේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් මෙහෙයවීම පසුපස සිටින්නේ පොලිිසිය යැයි තමන් විශ්වාස කරන බවත් එම දුරකථනය අලෙවිසල හිමිකාර තරුණයා ඊයේ (21) මාධ්‍ය වෙත පැවසුවේය.

නොකළ වරදකට තමන්ව අත් අඩංගුවට ගත් මාලිම්බඩ පොලිසිය සහ මාතර පොලිසිය දවස් හයක් රඳවාගෙන තමන්ගේ අත පය කැඩෙන තුරු පහරදුන් බව කී තරුණයා තමා එක්තැන් කළ එම පහරදීමට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවය.

එම පෙත්සම ගොනුකළ දා සිට එය අයින් කරගන්නා ලෙස තර්ජනය කරමින් පොලිසියෙන් තමන්ට ජීවිත තර්ජන පවා එල්ල වූ බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ  මෙම ජංගම දුරකථන  අලෙවිසලේ හිමිකාර තරුණයා ප්‍රදෙශයේ මත්පැන් අලෙවිසලකින් රුපියල් ලක්ෂ 21ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් මීට පෙර අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙක් බව බවය.

තරුණයා තමන්ට පහරදුන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නේ එම අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු කී කතාව මෙසේය.

“සිද්ධිය වුනාට පස්සේ මෙතන මගේ කඩේ ඇතුළේ පොලිස් නිලධාරීන් කීපදෙනෙක් හිටියා. ඒ නිලධාරියෙක්ගෙ දුරකථනයකට මාලිම්බඩ පොලිසියෙ දැනට ඉන්න ඕඅයිසී අලවත්ත මහත්තයාගෙන් කෝල් එක්ක ඇවිත් මම කතා කළා.  මම කිව්වා මම ඉලක්ක කරගෙන මේක කරන්න ඇත්තේ කියලා.”

“ඊට පස්සේ ඕඅයිසී මහත්තයා කිව්ව මතකද පොඩි ප්‍රශ්නයක් වුනා නේද ගුරා කියලා කෙනෙක්. එයා තමයි මේ වැඩේ කළේ කියලා කිව්වා.”

“ මම කියන්නේ මම ඉලක්ක කරලා තමයි මේ වෙඩි තැබීම කළේ කියලා.  මොකද 2020 දි මට පොලිසියෙන් පහරදිමක් කළා නොකළ වරදකට මාලිම්බඩ පොලිසියෙන් මාතර පොලිසියට අරන් ගිහින් ඒ පහරදිම කළේ.  දවස් 06ක් තියාගත්තා. අත පය කඩලා මම එක තැනයි හිටියේ. ඒකට මම නඩුවක් දැම්මා.  ඒ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දාපු වෙලාවෙ ඉඳන් මට තර්ජන තිබුණා ගොඩාක්. මට පැමිණිල්ල අයින් කරගන්න කියලා තමයි කිව්වේ.”

“මම කියන්නේ පොලිසිය පැත්තෙන් මේ වෙඩි තිබ්බා කියලායි. මොකද මට කීප වතාවක්ම කිව්වා උඹට ඉන්න දෙන්නේ නෑ. බලමු පොලිසිය එක්ක හැප්පිලා කියලා.”

මොකක්ද වෙන්නෙ  උඹට ඉස්සරහට බලාගනින්…  එහෙම කිව්වා. මගේ යාලුවට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ මම දන්න තරමින්.  ඒ නිසා මම ඉලක්ක කරලා තිබ්බ වෙඩි තැබීමක් කියලා තමයි කියන්න වෙන්නේ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ ජන බලපක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළ 05ක් බෙලිඅත්තේ දී වෙඩි තබා මරා දමයි…

Next Post

 විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට ඇප…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.