බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැරදුණු තැන් හදාගෙන මුලු රටම රකින ඔස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායන පිළිවෙත

by Lanka Sara Editor
පෙබරවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  •  අනෙක් අය දින 10 අඩු කළත් දින 14 නිරෝදායනය අනිවාර්යයි
  • හෝටල්වල සිදුවූ සුලබ නිරෝධායන වැරදි හරිගස්සාසා ගත් හැටි
  • ඔස්ට්‍රේලියාව සැලකෙන්නේ කොරෝනා වයිරසය සාර්ථක ලෙස මට්ටු කරගත් රටක් ලෙසිනි. හදිසියේ රටේ එක් එක් ප්‍රාන්ත සීමා වැසුවද එරට වැසියන්ට ලෝකය පුරා රිසි සේ යාමට සෙසු රටවල ජනතාවට සාපෙක්ෂව වැඩි ඉඩක් ලැබී ඇත. ඔස්ට්‍රේලියාව කොරෝනාවලින් මේ තරමට බේරීමේ වාසිය ලබාගෙන ඇත්තේ එරට තුළ දැඩි ලෙස ක්‍රියාත්මක වන දින 14 ක හෝටල් නිරෝධායන ක්‍රමය බව ද ගාඩියන් වෙබ් අඩවියේ විශ්ලේෂණාත්මක වාර්තාවකින් පෙන්වා දෙයි.

    මෙම නිරෝධායන ප්‍රතිපත්තිය නිසා එරට ආසාදිතයන්ගේ වාර්තා වීම මෙනම් මරණ අනුපාතිකයද ද සාර්ථක ලෙස පාලනය කර ඇත. එමෙන්ම වඩාත් වැදගත්ම කරුණ වන්නේ කොරෝනා වසංගතය එන්නට පෙර තිබූ ජීවිතයම යම් ආකාරයකින් තවදුරටත් ඕස්ට්‍රේලියානුවන්ට හිමිව තිබීමය.

    ඔවුන් කොවිඩ් සම්බන්ධයෙන් වරින් වර ක්‍රියාත්මක කළ පිළිවෙත්වල අඩුපාඩු පවතින විට එවා වෙනස් කරගත් රටකි. අපි කරන දේ තමයි හරි ය යන මතයේ නොසිට වරින් වර අඩුපාඩුවලට අනුව තම නිරෝධායන ප්‍රතිපත්තිය නම්‍යශීලී කර ගැනීම නිසා ඔවුන් අද සාර්ථක වී ඇති බව ද ගාඩියන් පෙන්වා දෙයි. පසුගිය වසරේ මාර්තු මාසයේදී කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිරෙද්දී එරට විදේශිකයන්ගේ පැමිණීමේදී අනුගමනය කළ යුතු අනිවාර්ය නියෝග මාලාවක් හඳුන්වා දුන්නේය. ඒ අතරේ සංචාරක හෝටල්වලින් වෛරසය කාන්දු වූ අවස්ථාවන් ඔවුන්ට හඳුනා ගන්නට ලැබුණි. එහිදී කළේ ජාතික නිරෝධායන තන්ත්‍රය ක්‍රමයෙන් දැඩි කිරීමය.

    මූලික වශයෙන් එරට තුළ ක්‍රියාත්මක කෙරෙන රට වසාදැමීමේ ක්‍රියාමාර්ග නිසා වසංගතය ව්‍යාප්ත වීම අවම කළ අතර නව හෝටල් නිරෝධායන උල්ලංඝනය කිරීම් කැපී පෙනෙන ලෙස වාර්තා වීම නිසා ඒ පිළිබද බොහෝ විට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අවධානය යොමු කෙරිණි.

    RelatedPosts

    පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

    කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

    පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

    ඕස්ට්‍රේලියාවේ හෝටල් නිරෝධායන වැඩසටහන දේශපාලනිකව ජනප්‍රිය නොවන කරුණකි. ඕස්ට්‍රේලියානුවන් දස දහස් ගණනක් විදේශයන්හි අතරමං වී සිටින අතරතුර විදේශිකයෝ සති 2ක් ඕස්ට්‍රේලියාවේ හෝටල් තුළ අනිවාර්ය නිරෝධායනයේ යෙදී සිටිති.

    වායුගෝලයේ විසිරුණු අංශු ලෙස වෛරසය පැමිණීමේ ඉඩ !

    ඕස්ට්‍රේලියාවේ පළමු හා දෙවන කොරෝනා රැල්ල මෙල්බර්න් හි මෙම වසරේ දෙවන භාගයේදී ඇතිවිය. මාරාන්තික කොවිඩ් සිද්ධීන්ගෙන් 90% ක්ම ඕස්ට්‍රේලියාවට ආපසු ගොස් නිරෝධායනය වෙමින් සිටි තනි පවුලකට ජානමය වශයෙන් සම්බන්ධ වී ඇති බව රජයේ හෝටල් නිරෝධායන වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මගින් අනාවරණය විය.

    ඒ අනුව ඔවුන් කළේ හෝටලයකින් වෛරසය පිටතට පැමිණිය හැකි මං ඇහිරීමය. වෛරසය බිඳිති මගින් හා මතුපිටින් සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා ගත් අනිවාර්ය පියවර ගණනාවක් ද ඊට අයත් ය.

    එතෙක් අවසර දී තිබූ එළිමහනේ ව්‍යායාම් අත්හිටුවිණි. නිරෝධායනය වන්නන්ට එම ව්‍යායාම හෝටල් කාමරය තුළට පමණක් සීමා විය.

    නිරෝධායන මධ්‍යස්ථාන ඇති හෝටල් කාර්ය මණ්ඩලය කොවිඩ් ආරක්ෂිත ඇදුමින් සමන්විතව කටයුතු කිරීම හෝටල් නිරෝධායන වැඩපිළිවෙලේ අනිවාර්ය අංගයක් විය.

    කෙසේවෙතත්, මෑතකදී මෙල්බර්න්, බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත්හි හෝටල්වල පිරිසිදු කරන්නන් සහ ආරක්ෂක භටයින් ඇතුළු හෝටල් නිරෝධායන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිදුවූ ආසාදන, වායු අංශු හරහා වෛරසය පැතිරීමේ අවදානම ඉස්මතු කර තිබේ. විශේෂයෙන් සංචාරකයින් වැඩි වශයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ සති කිහිපය තුළ වයිරසයේ බෝවීම ඉහළ ගොස් තිබුණි.

    රට තුළට යළි පැමිණි සංචාරකයන් වෛරසය ආසාදිත යැයි දැනගතහොත් වික්ටෝරියා හි බලධාරීන් විසින් ආසාදනය වූ පවුල් නවාතැන් ගෙන සිටින හෝටල් කාමර වටා ද සෞඛ්‍ය ආරක්ෂිත කලාප ක්‍රියාත්මක කර ඇත්තේ ඔවුන්ට කිසිසේත් කෝරිඩෝවටවත් යාම වැළැක්වීමට ය.

    වායු අංශුවල රැඳෙන කොරෝනා සිරුරට ඇතුළු විම මඟ හැරීම

    ඕස්ට්‍රේලියාවේ ආසාදන පාලන විශේෂඥයන් විසින් දිගින් දිගටම කණස්සල්ල පළ කරන්නේ පටු ආලින්ද, කොරිඩෝවල එකතැන පල්වෙන වාතය තුළ ඉතිරිව ඇති වෛරසය පිළිබඳව ය.
    හෝටල් කොරිඩෝවල අඩු කාලයක් ගත කිරීම සඳහා ආරක්ෂකයන්ට උපදෙස් දීමට බලධාරීන්ට සිදුවූයේ ඇඩිලේඩ් හි සේවකයෙකු නිරෝධායන පිලිවෙත උල්ලංඝනය කර නොමැතිව කොරිඩෝවක පමණක් රැදී සිටි බවට සී.සී.ටී.වී මගින් ඔප්පු වී තිබියදීත් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ය.

    සමහර විශේෂඥයන් විශ්වාස කරන්නේ හෝටල් කාමරවල සහ කාමර අතර වාතාශ්‍රය නොමැති ස්ථානවල නිරෝධායනය සඳහා සුදුසු නොවන බවය.

    ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ ඩාවින් අසල පිහිටි හොවාර්ඩ් ස්ප්‍රින්ග්ස් සංකීර්ණය භාවිතයට නොගත් පාළු පතල් කඳවුරකි. එහි එළිමහන් වාතාශ්‍රය සහිත කාමර සඳහා දැන් ඕස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් නිරෝධායනය ගත කිරීමට එන බවක් පෙනෙන්නට තිබේ. වික්ටෝරියා හි අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲව්ස් මෑතකදී අඟවා තිබුණේ හෝටල් භාවිතා කිරීමෙන් ඉවත් වී විදේශවලින් පැමිණෙන අය නිරෝධායනය කිරීම සඳහා තනි විවෘත කඳවුරු ශෛලියක් ඇති කිරීමට අවශ්‍ය බවය.

    හෝටල් සේවකයන් අමුත්තන් අතර නොපෙනන තරමේ දුරස්ථ බව
    හෝටල් නිරෝධානය කාලය තුළදී ආහාර බෙදා හැරීමේ වේලාවන්හිදී ආහාර දොරටුවේ පාමුල තබා හෝටල් සේවකයන් යන අතර අමුත්තන් විසින් සේවකයන් ගිය පසු ඒවා කාමර තුළට ගත යුතුය. ආහාර ලබාගැනීමට වුවද කාමරවල දොරවල් එකවර විවෘත නොකිරීමට ද උපදෙස් දී ඇත.

    දවස් 14ක අනිවාර්ය නිරෝධායනය දින 10ට අඩු නොකිරීම

    එංගලන්තය නිරෝධායන කාලසීමාව දින 10ක් කර තිබෙන පසුබිමක වුවද ඕස්ට්‍රේලියාව බල කරන්නේ දින 14ක නිරෝධායන කාලසීමාව අනිවාර්ය බවය. සෞඛ්‍ය බලධාරීන්ගේ විශ්වාසය වන්නේ වෛරසයේ බීජෟෂණ කාලසීමා දෙකක් පසුකිරීමට දින 14ක් අවශ්‍ය බව ය.

    නිරෝධායනයේ යෙදෙන අමුත්තන් දෙවන සහ 12 වැනි දින දෙකේදී පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය ය. එමෙන්ම එහිදී ආසාදිත බව තහවුරු වන අමුත්තන් වෙනම ස්ථානයකට වහාම මාරුකරනු ලැබේ.

    කෙසේ වෙතත් මෙම නිරෝධායන නීති රීති ආසාදිතයන් පැමිණීමේදී මෙම තත්ත්වයට වඩා දැඩි සීමාවලට යටත් වන අවස්ථා ද ඇත. උදාහරණ වශයෙන් නිව්සවුත්වේල්සයේ නම් නිරෝධායනයට ලක්වන අය 16 වැනි දිනයේත් පී.සී.ආර් පරීක්ෂණයට ලක්විය යුතුය.
    ඕස්ට්‍රේලියාවට පැමිණීමට ගුවන් යානයට නැගීමට පැය 72කට පෙර මගීන් පී.සී.ආර් පරීක්ෂණයක් කරගත යුතු අතර ආසාදිතයකු නොවන බවට වන වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ළග තබාගෙන අවශ්‍ය අවස්ථාවන්හිදී ඉදිරිපත් කළ යුතු වේ.

    මෑතදී ඕස්ට්‍රේලියාව පුරා හෝටල් නිරෝධායන කාර්ය මණ්ඩලයට කොවිඩ් පාලනය කිරීමේ නීති සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත.

    වික්ටෝරියා හි වෛරසයේ නව විකෘතියක් සොයාගැනීමත් සමග කම්කරුවන් පරීක්ෂා කිරීම දෛනිකව සිදුවිය යුතු බවට උපදෙස් දී තිබේ.

    බොහෝ නිරෝධායන හෝටල්වල ඕස්ට්‍රේලියානු ආරක්ෂක බළකායේ නිලධාරීන් සහ පොලීසිය කටයුතු කරයි. සමහර අනියම් සෞඛ්‍ය සේවකයින් නිරෝධායන හෝටල් සහ වයස්ගත සත්කාරක පහසුකම් සපයන මධ්‍යස්ථාන අතර මාරුවී ඇති හෙයින්, රජයේ රැකියාවල නියුතු ආරක්ෂාව, සෞඛ්‍ය සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයට වඩා නුපුහුණු, පෞද්ගලික කම්කරු කුලී කොන්ත්‍රාත්කරුවන් භාවිතා කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ හිසරදයට හේතු වී තිබේ.
    මෙම තත්ත්වය යටතේ සමහර නිරෝධායන හෝටල්වල ඇතුළුව හෝටල් නිරෝධායන කාර්ය මණ්ඩලයට තවත් රැකියා කිරීම සමහර ප්‍රාන්ත විසින් තහනම් කර ඇත.

    Tags: නවතම
    Share69Tweet43
    Previous Post

    සහරාන්ලාගෙන් දරුවන්ට යුධ පුහුණුව ලැබුණු කල්පිටිය මද්‍රාසා පාසලේ විදුහල්පති අත්අඩංගුවට

    Next Post

    දිනයකට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ප්‍රකාශ වේ… මරණ 13යි…

    Related Posts

    පුවත්

    පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

    ජූනි 24, 2026
    පුවත්

    කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

    ජූනි 24, 2026
    පුවත්

    පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

    ජූනි 24, 2026

    ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

    No Result
    View All Result

    පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

    ජූනි 24, 2026

    කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

    ජූනි 24, 2026

    පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

    ජූනි 24, 2026
    ADVERTISEMENT
    • docter

      ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

      172 shares
      Share 69 Tweet 43
    • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

      172 shares
      Share 69 Tweet 43
    • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

      172 shares
      Share 69 Tweet 43
    • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

      172 shares
      Share 69 Tweet 43
    • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

      172 shares
      Share 69 Tweet 43

    Advertisement

    ADVERTISEMENT
    Facebook Twitter Youtube Whatsapp Telegram RSS
    ලංකාසර

    නැවුම් පුවත්

    • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
    • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
    • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

    Category

    • LPL
    • අලි මිනිස් ගැටුම
    • කලා
    • කොලම
    • ක්‍රීඩා
    • ජනතා කවුළුව
    • ජනාධිපතිවරණය 2024
    • ජීවිතය
    • දේශපාලන
    • නියුට්‍රල් අම්පයර්
    • පරිසරය
    • පාස්කු කොමිසම
    • පුවත්
    • මැතිවරණය
    • ලිය වරුණ
    • විද්‍යා හා තාක්ෂණ
    • විනිවිද
    • වින්දන
    • ව්‍යාපාර
    • සමාජ
    • සංස්කෘතිය
    • සෞඛ්‍යය

    © 2020 - 2026 Lankasara.com.

    No Result
    View All Result
    • මුල් පිටුව
    • පුවත්
    • දේශපාලන
    • සමාජ
      • පරිසරය
      • විනිවිද
      • සංස්කෘතිය
    • විද්‍යා හා තාක්ෂණ
    • ජීවිතය
      • ලිය වරුණ
      • වින්දන
      • සෞඛ්‍යය
    • කලා
    • ක්‍රීඩා
      • LPL
      • නියුට්‍රල් අම්පයර්
    • ව්‍යාපාර
    • අප ගැන
    • English

    © 2020 - 2026 Lankasara.com.