අලුත් අවුරුදු සමයේ දී covid වෛරසයේ පැතිරීම උත්සන්න වී ඇති අතර අද පෙරවරුව වන විට දිවයිනේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය.
ගෙවුණු පැය 24 තුළ පමණක් ආසාදිතයින් 67ක් කුරුණෑගලින් වාර්තා වී ඇත.
කුරුණෑගලද වැඩිම සංඛ්‍යාවක් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙනි. ආසාදිතයින් 31 දෙනෙකු එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
කුරුණෑගල ප්‍රදේශයෙන් 7ක්, දුම්මලසුරිය ප්‍රදේශයෙන් 8ක් ද ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේ දෙවැනි වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. ඒ 62 කි.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ පිලියන්දල ප්‍රදේශයෙනි. ඒ 15කි. ඉන්පසුව මුල්ලේරියාව, බොරැල්ල ප්‍රදේශවලින් ආසාදිතයින් 9 බැගින් ද කොල්ලුපිටියෙන් 6ක් ද වාර්තා වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ 51 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් ගම්පහ ප්‍රදේශයේ 10ක් සීදුව 8ක් මිනුවන්ගොඩ 7ක් සහ නිට්ටඹුව 6ක් වශයෙන් වාර්තා වී ඇත .
සෙසු දිස්ත්‍රික් සලකා බලන විට දී කළුතර 17ක්, පොලොන්නරුව 21ක්, අනුරාධපුරය 14ක් , යාපනය 10ක් වාර්තා වෙයි.
අලුත් අවුරුදු සමයේ දී ගමන් බිමන් සාප්පු සවාරි ආදිය හේතුවෙන් සෙනග ගැවසෙන ස්ථානවල බහුලව ගැවසීමත් සෞඛ්‍ය උපදෙස් නියමිත අයුරින් පිලිනොපැදීම හේතුවෙන් වසංගතය වර්ධනය වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
එබැවින් වෙනදාටත් වඩා නිතර අත් සේදීම, මුඛ ආවරණ පැලදීම, දුරස්ථභාවය තබාගැනීම ආදි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරති.







