ශ්‍රියානි විජේසිංහ –
ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කරමින් Immunoglobulin ඖෂධය මෙරටට සැපයූ සැපයුම්කරු විසින් තවත් ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් පිළිකා ඖෂධයක් ද මෙරටට ගෙනැවිත් ඇති බවට ලද තොරතුරු අනුව වහාම එම ඖෂධය සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සඳහන් කළේය.
මෙම ඖෂධය මාතර රෝහලේ දී ව්‍යාජ ඖෂධයක් බව හඳුනා ගැනීමත් සමග එම ඖෂධය මුළුමනින්ම භාවිතයෙන් ඉවත් කළ බව හෙතෙමෙ පැවසුවේය.
මෙම දේශීය සැපයුම්කාර සමාගම වන Isolez Biotech Pharma Ag Ltd මගින් තවත් ඖෂධයක් ගෙනඑමින් තිබෙන බවට තොරතුරු ලැබි ඇති බවද වෛද්‍ය ගුණසේකර සිටියි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ මිලදී ගැනීමේ කිසිදු අයිතියක් නොමැති බවත් තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරී ඇත්තේ ඖෂධවල ගුණාත්මක භාවය පරික්ෂා අනුමත කිරිම පමණක් බවත් වෛද්‍ය විජිත් ගුණසේකර පවසා සිටියි.