මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ලෙස හැඟෙන ජායාරූප හා ව්‍යාජ ප්රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට පත් පාතාල අපරාධකරුවන් 05 දෙනා පසුගිය 30 වැනිදා කටුනායක ගුවන්තොටුපලට රැගෙන පැමිණි අවස්ථාවේ මෙහෙයුමට සහභාගී වූ ඉන්දුනීසියානු පොලිසිය සහ පොලිස් නිලධාරින් ඇගැයීම සඳහා එම ස්ථානයට ගිය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල නින්දාවට සහ අපහාසයට ලක් කරමින් මෙම ව්‍යාජ ඡායාරූපය මුදා හැර තිබිණි.
මෙලෙස මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් ද්වේශ සහගත හා අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති හා ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් 2025.08.31 වන දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව, පොලිස්පතිවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ව්‍යාජ ප්රවෘත්ති සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.








