ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පක්ෂ නායකයින් බහුතරකයකගේ මතය වි තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවති පක්ෂ නායක රැස්වීමේ දී මේ බව එම පක්ෂ නායකයින් විසින් කතානායකවරයා වෙත දැනුම් දී ඇත.
පක්ෂ නායකයින් ගන්නා ඕනෑම තීන්දුවකට තමා එකඟ වන බැවින් ඒ අනුව පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට කරන ලද දැනුම් දීමකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබිණි.
මෙම රැස්වීමට සහභාගී වීම ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ඇතුළු තවත් පක්ෂ කීපයක් ප්‍රතික්ෂේප කර තිබිණි.
කෙසේ වෙතත් පක්ෂ නායකයින් අද රැස් වී ගන්නා ලද තීරණය ඒ මොහොතේම කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා සිය තීන්දුව ඉදිරියේ දි රටට ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.







