අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 33ක් තිස්සේ දිරාපත්වන  වැලිකන්දේ   සිපෙටිකෝ ඉන්ධන ගබඩාව….

by editor
ජූලි 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

වසර තිස්තුනකට අධික කාලයක් පොලොන්නරුව වැලිකන්ද නගරයට ආසන්නව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් විශාල ඉන්ධන ගබඩාවක් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල්බිහිවී දිරාපත් වෙමින් පවතින බව වාර්තා වේ.

දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කර ගබඩා කළ හැකි මෙම ඉන්ධන ගබඩාවට අයත් විශාල ටැංකි පහක් තිබෙන අතර එක් ටැංකියක ධාරිතාව ඉන්ධන ලීටර් 54,000 කි.

ත්‍රස්තවාදින්ගේ තර්ජනය හමුවේ වසා දැමුණු මෙම ඉන්ධන ගබඩාවෙන්    පොලොන්නරුවට පමණක් නොව අවට දිස්ත්‍රික්ක වලටද ඉන්ධන බෙදාහැරීමේ පහසුකම් පැවති අතීතතයක් තිබුණු බව  දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය  දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

දිඹුලාගල රාහුලාලංකාර හිමි…

තව සති කිහිපයකින් පොළොන්නරු දිස්ත්‍රික් ඇතුළු මහවැලි බී කලාපය මෙන්ම අවට දිස්ත්‍රික්කවල වී අස්වනු නෙලන බැවින් ඒ සඳහා යාන්ත්‍රික උපකරණවලට   අවශ්‍ය ඉන්ධන මෙහි ගබඩා කළ හැකි බවත්, වල් බිහි වී විනාශ වෙමින් පවතින මෙම ඉන්ධන ගබඩාව ප්‍රයෝජනට ගෙන අවශ්‍ය ඉන්ධන ගබඩා කරන්නේ නම් ප්‍රදේශ්යේ ගොවීන්ට මෙන්ම රථවාහන රියදුරන්ට පහසුවක් වනු ඇති බවත් රාහුලාලංකාර නාහිමියන්  පවසති.

මෙම ගබඩා සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර ඉන්ධන ගබඩා කිරීමට ප්‍රයෝජනයට ගන්නේ නම් දැන්ට කොළඹ සිට හෝ කුරුණෑගල සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියෙන්ම මෙම ගබඩාවට ඉන්ධන පිරවිය හැකිව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම දැනට විශාල මුදලක් වැයකර කොළඹ සහ කුරුණෑගල සිට බවුසර් මගින් ඉන්ධන ගෙනවිත් කරන බෙදාහැරීමට වැයවන   ප්‍රවාහන වියදම්ද අඩු කරගත හැකි බවත්  එම ප්‍රවාහන විදයදම් සඳහා ලැබෙන ප්‍රතිලාභය දුම්රිය දෙපාර්තමේන්තුව සතුවන බවත් පෙනී ගොස් ඇත.

දැයට කිරුළ වැඩසටහන යටතේ මෙම ඉන්ධන ගබඩාව ප්‍රතිසංස්කරණය කර ප්‍රයෝජන ලබාගැනීමට එවකට පැවති රජය සැලසුම් කළ ද එය නැවති තිබේ.

කලක් දිඹුලාගල විවිධසේවා සේවා සමුපකාර සමිතිය මගින් පාලනය කළ මෙම ඉන්ධන ගබඩාව දිරාපත් වීම සම්බන්ධව අප එම සමිතියේ සභාපති උපුල් අලහකෝන්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම ඉන්ධන ගබඩාව අලුත්වැඩියා කර දෙන්නේ නම් තම සමිතිය මැදිහත්ව ප්‍රදේශයට අවශ්‍ය ඉන්ධන බෙදාහැරීමට වගකීම භාරගන්නා බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීනි මැරුමක් කර ඩුබායි පනින්නට ගිය යුවලක් කටුනායක දී කොටු…

Next Post

නීතිඥ සංගමය ජූලි මස පුරා නික්තු කළ සියලුම ලේඛණවලට   විධායක කමිටුවේ ඒකමතික පූර්ණ අනුමැතිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.