අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර පුරා කළ මෙහෙයුම්වල දී  බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්, සිම් කාර්ඩ් 159ක්,  චාජර් 110ක් සොයා ගෙන…

by editor
දෙසැම්බර් 27, 2025
in පුවත්
Boossa-prison
Share on FacebookShare on Twitter

වසර පුරා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මාලාවකදී ජංගම දුරකථන සහ ජංගම දුරකථන හා බැඳුන අනෙකුත් තහනම් උපාංග 133 ක්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

2025 ජනවාරි 1 සිට දෙසැම්බර් 26 දක්වා කාලය තුළ බන්ධනාගාරයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් 72 කදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව පොලිසිය පෙන්වා දෙයි.

ජංගම දුරකථන වලට අමතරව,  සිම් කාඩ්පත් 159 ක්, දුරකථන චාජර් 110 ක්, ඩේටා කේබල් 122 ක්,  හෑන්ඩ් ෆ්‍රී උපාංග 56 ක්, ජංගම දුරකථන බැටරි 12 ක්, ඒ හා සම්බන්ධිත උපකරණ ලෙස අත්  අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව අත් අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර පිහි තුනක්, හෙරොයින් ග්‍රෑම් 2.85 ක් සහ දුම්කොළ ග්‍රෑම් 40.012 ක් සොයා ගත් බව පොලිසිය අනාවරණය කළේය.

පොලිසිය පැවසුවේ දෙසැම්බර් 24 වන දින ද විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර සහ ආරක්ෂක ඒකක සමඟ බන්ධනාගාර කුටි සහ අවට ප්‍රදේශවල විශේෂ සෝදිසි කිරීමක් සිදු කළ බවය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

එම මෙහෙයුම අතරතුර, නිලධාරීන් විශේෂ ඒකකයේ A කොටසේ කුටි සෝදිසි කර, ස්මාර්ට්ෆෝන් දෙකක්, චාජර් 02ක්,  ඩේටා කේබල් 03ක්, චාජර් කොටසක්, හෑන්ඩ් ෆ්‍රී 2ක්,  වයර් කැබලි 03ක්, ඇඩැප්ටර් 01ක්, සොයා ගෙන තිබිණි.

මෙහෙයුමේ දී දුම්කොළ කැබලි 02ක් ද අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සියලුම භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා බන්ධනාගාර බලධාරීන්ට භාර දී ඇති බව පොලිසිය පැවසීය.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ තහනම් ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ භාවිතය වැළැක්වීම සඳහා දැඩි පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය 72ක රැඳවුම් නියෝග මත ඩග්ලස් දේවානන්දාගෙන් ප්‍රශ්න කරන්නට අධිකරණයෙන් අවසර…

Next Post

කිසි කලෙක පිරවිය නොහැකි අඩුවක් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.