මේ වසරේ මුල් දින 15 තුළ මාරක රිය අනතුරු 65ක් වාර්තා වී ඇති අතර, ඉන් මරණ 68ක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
මේ වනවිට පොලිසිය විසින් රිය අනතුරු අවම කරගැනීම සඳහා දියත් කර ඇති පුළුල් මෙහෙයුම සහ දැනුම්වත් කිරීම් අතරත් සිදුවී ඇති රිය අනතුරු මරණ 68ක් නමුත් 2024 වසරේ පළමු දින 15 තුළ සිදුවී ඇති රිය අනතුරු මරණ සංඛ්‍යාව 99ක් බව පොලිසිය පෙන්වා දෙයි.
එම මරණ සංඛ්‍යාව එක් ඉහළ අගයක විචලනය වෙමින් තිබූ අතර 2023 ජනවාරි මාසයේ මුල් දින 15 තුළ රිය අනතුරු මරණ 105ක් සිදුවී තිබිණි.
මේ අනුව මේ වනවිට දියත් වී ඇති මෙහෙයුමේ ප්‍රතිඵළ වශයෙන් අඩුම තරමින් මේ දින 15 තුළ පමණක් දළ වශයෙන් ජීවිත 30කට වැඩි ප්‍රමාණයක් බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.
ලංකාවේ වැඩිම රිය අනතුරු මරණවලට ලක් වන්නේ ආර්ථික වශයෙන් සක්‍රීය ජව සම්පන්න පිරිසක් වීම අනුව මෙම වළක්වා ගැනීමේ ප්‍රතිඵලය ආර්ථික වශයෙන් ඉතා ඉහළ අගයක් ගන්නා බව ප්‍රාමාණිකයින්ගේ අදහස වී ඇත.







