මේ වනවිට බරපතල වසංගත අවදානමකට ලක් වී ඇති වැලිකඩ බන්ධනාගාරය තුළ සබන් කැටයක්වත් නොමැති දුක්ඛිත තත්ත්වය ගැන බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
මුව ආවරණ, අත් ආවරණ, සබන්, අත් පිරිසිදුකාරක, විෂබීජ නාශක දියර, සේදුම් කාරක කිසිවක් බන්ධනාගාර මූලස්ථාන ගබඩාව තුළ නොමැති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වරයා පවසයි.
එබැවින් එම ද්‍රව්‍ය මිලදී ගැනීමට කඩිනමින් කටයුතු කරන්නැයි ඔහු ඉල්ලා සිටි.