දිනසේන රතුගමගේ –
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් වවුනියාවේ සර්ව ආගමික නායකයින් එකතුව විශේෂ ඉෆ්තාර් උත්සවයක් වවුනියාව ජුම්මා මුල්ස්ලිම් දේවස්ථානයේදී පවත්වනු ලබීය.
සියළුම ආගම් අතර සාමය සහජීවනය හා එකමුතුභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ මෙම ඉෆ්තාර් උළෙලට ග්‍රාමීය සංවර්ධන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය කාදර් කාදර් මස්තාන් වවුනියාව දිසාපති ජී.ඒ. සරත්චන්ද්‍ර හා පළාතේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ද ස්වේච්ඡා සංවිධවල නියෝජිතයින්ද සහභාගී විය.







