අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?

මහාචාර්ය අතුල සේනාරත්න  පැහැදිලි කරයි....

by editor
පෙබරවාරි 12, 2021
in පරිසරය, පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

  • මධ්‍යම කඳුකරයේ පොළොව අවුරුද්දක් ගානෙ ඉස්සෙනවා…

  • භූ චලනවලට අවශ්‍ය සියලු සාධක දැන් මධ්‍යම කඳුකරයෙ සම්පූර්ණ වෙලා ඉවරයි…

  • මේ තත්වය මහාචාර්ය විතානගේ කිව්වේ 70 දශකයේ දී

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩොල්සිම ප්‍රදේශයේ ඇතිව තිබෙන්නේ රිච්ටර් මාපකයේ 1.5 ක අගයක් සහිත භූ කම්පනයක් බවත් ඒ පිළිබඳ අනිතයත බියක් ජනතාව ඇතිකර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න   කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේ කීය.

“ වික්ටොරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පන හා වලපනේ ප්‍රදේශයේ ඇතිවූ කම්පන අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. මේ සියලුම කම්පන සිදුව තිබෙන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන භූ විද්‍යා විභේද ආශ්‍රිතවයි. භූ විද්‍යා සිතියමක් බලන විට පැහැදිලිව පේනවා ප්‍රධාන ජලාශ තියෙන ප්‍රදේශයේ බරපතල භූ පැලුම් තිබෙනවා. මේවා නිසා විශාල චලන වෙයි කියලා අපි විශ්වාස කළේ නැහැ. “

මඩොල්සිම ගූගල් සිතියම

“මේ ජලාශ ඇති කිරීමට ප්‍රථම හැත්තෑව දශකයේ මුල් කාලයේ මහචාර්ය විතානගේ   මේ පැලුම් හරහා ඉතා සුළු ඉස්සීමක් පෘතුවියේ සිදුවන බව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරය නිරන්තරයෙන් වසරකට මිලි මීටර එකක් හෝ දෙකක එසවීමකට ලක්වන බව එතුමා කිව්වා. පොළොව ඉතා සෙමින් එසවෙන බවට එදා මහචාර්ය විතානගේ මහතා කළ ප්‍රකාශය තමයි අද මේ යථාර්ථයක් බවට පත්වෙලා තිබෙන්නේ.“

“පෘතුවි කබොල එසවෙන විට අනිවාර්යයෙන්ම දෙදරා තිබෙන විභේද හරහා තමයි එසවීම සිද්ධ වෙන්නේ. මධ්‍යම කඳුකරයේ භූ විද්‍යා සිතියම බැලුවොත් විභේද රැසක් තිබෙනවා. වික්ටෝරියා විභේදය, රන්දෙණිගල විභේදය හා මහවැලි විභේදය තමයි ප්‍රධාන. ඒ ආශ්‍රිතව තවත් කුඩා විභේද තිබෙනවා. විභේද ආශ්‍රිතව එසවීම සිද්ධ වෙනකොට භූමියේ චලන වගේම කම්පන සිදු වීමට පුළුවන්. පසුගිය මාස කිහිපයේදී මධ්‍යම කඳුකරයේ ඇතිවූ කම්පන සියල්ල සිතියමක ලකුණු කළාම පැහැදිලිව පේනවා මේවා  සිදුව තිබෙන්නේ විභේද ආශ්‍රිතව කියලා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ වික්ටෝරියා ජලාශය පිහිටි ප්‍රදේශය පුරා පැතිර ගිය විශාල හුණුගල් නිධියක් තිබෙනවා. මෙහි සිදුකරන කැණීම් හා මේ කම්පන අතර සම්බන්ධතාවක් ඇත්ද යන්න  පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. ජලාශ හා විභේද ආශ්‍රිතව තමයි විශාල හුණුගල් තට්ටු තිබෙන්නේ. මේවා තුළට ජලය ගමන් කළාම හුණුගල් දියවීමට ලක්වෙනවා. මේ දියවීම නිසා ලොකු කුහර (Cavity) ඇති වෙනවා.“

“පොළොව ඇතුළේ උමං ගංඟාවල් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මේ කුහර ගැනයි. ඒවා ඒ තරමට විශාලයි. පොළොවේ සිට අඩි 100 ක් 200 ක් ඇතුළේ මේවා පිහිටලා තියෙන්නේ. හිටි හැටියේ මේ කුහර කඩා වැටෙන්න පුළුවන්. එතකොට විශාල ශබ්දයක් සමඟ පොළොව සෙලවීමක් වෙන්න හැකියාව තිබෙනවා. “

“මේ ඇතිවෙලා තියෙන කම්පන රිච්ටර් මාපකයේ 2.0 අගට අඩු ඒවා. මේවා බොහොම පොඩි කම්පන. නමුත් මේ මාපක අගය සැලකීමේදී 2 ට වඩා 3 දස දහස් ගුණයක් විශාලයි. තුනට වඩා හතර දස දහස් ගුණයක් විශාලයි. ඒ නිසා කම්පනයේ ස්වභාවය තීරණය කරන්නේ මාපකයේ අගයට වඩා සිදුවන විනාශය අනුවයි. මධ්‍යම කඳුකරයේ මේ සිදුවන ක්‍රියාවලිය සැලකීමේදී භූ කම්පන වලට අවශ්‍යය සියලු සාධක එකතු වී තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. විභේද තිබීම, හුණුගල් නිධි පැතිර තිබීම, ජලාශ ඉදිවීම, හුණුගල් කැණීමට වෙඩි දැමීම ඒකට උදාහරණ කිහිපයක්. මේ නිසා භූ කම්පන ඇතිවීම ඉදිරියටත් සිදුවේවි.“

මෙම භූකම්පන සිදුවූ අවස්ථාවල ලෝකයේ වෙනත් කිසිදු ප්‍රදේශයක ඒ මොහොතේ භූ කම්පනයක් ඇතිව නොමැති බවත් මේ නිසා මෙම කම්පන ප්‍රදේශය ආශ්‍රිතවම සිදුවන්නක් බව නිගමනය කළ හැකි බවත් මහචාර්යවරයා ප්‍රකාශ කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්කුඩු ග්‍රෑම් 382ක් ලඟ තබා ගත් අයෙක් අවුරුදු 20ක නඩු විභාගයකින් පසු පෝරකයට…

Next Post

අපේ රටෙත් තිබෙන අලුත් කොරෝනා ප්‍රභේදය හිතුවාට වඩා බරපතලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.