fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරායට ඇතුළුවීම වැලැක්වූ නිසා ප්‍රවේශයේ නැංගුරම් ලා සිටින චීන පොහොර නැවේ පැටිකිරිය…

මාස 8ක් ago
in පුවත්
441 5
0
Hippo-Spirit
Share on FacebookShare on Twitter

ව්‍යාධි ජනක නොමැති බවට ශ්‍රි ලංකාවේ පර්යේෂණාගාරවලින් තහවුරු වන්නටත් පෙර නැව්ගත කරන ලද ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන්  අඩංගු  කාබනික පොහොර තොගය සහිත චීන නෞකාව ශ්‍රී ලංකාවෙන් කළ ප්‍රතික්ෂේප කිරීම් නොතකා කොළඹට පැමිණ මේ වනවිට  ඇතුළු වරයාට ප්‍රවේශ වීමට අවස්ථාව නොමැතිව වරායෙන් පිටත නැංගුරම් ලා ඇත.

Hippo Spirit නැමැති මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව  ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත කාබනික පොහොර  මෙට්‍රික් ටොන් 15000- 20000ක් ප්‍රමාණයක් සහිතව  පසුගිය මස 23 දා චීනයේ ක්වින්ඩාවෝ වරායෙන්  පිටත්වූයේ    ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ වරායට සේන්දු වීමේ සැලැස්ම සහිතවය.

එහෙත් පොහොර  සාම්පල්වල ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත බව තහවුරු වීමත් සමග   පොහොර තොගය ප්‍රතික්ෂේප වූ අතර ඒ වනවිටත් ගමන් අරඹා තිබූ නෞකාව සිංගප්පූරු වරයාට ගමනාන්තය වෙනස් කළේය.  පසුගිය 02 දා නෞකාව සිංගප්පූරු වරායට  ඇතුළු විය.

සිංගප්පූරු වරායේ නැංගුරම් ලෑ පසු නෞකාවල  ගමනා ගමනය දක්වන ඒඅයිඑස් දත්ත පද්ධතියට අදාලව මෙම නෞකාව  යාවත්කාලීන වී නොතිබුණි.   පසුගිය 15 වැනිදා සිට එහි ගමන් මාර්ගය පෙන්වා තිබුණේ නැත.

මෙම පොහොර තොගය ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත බැවින් ප්‍රතික්ෂේප වූ මුල්ම අවස්ථාවේ දී චීන තානාපති  චී. ජෙන්හොන් විසින් අවවාදාත්මක ස්වරයෙන් යුතු නිවේදනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත යොමු කර තිබුණේය. ඒ අතර පොහොර තොගය ප්‍රතික්ෂේප වූ බවත් එය අනවශ්‍ය බවත් දන්වා තිබෙද්දී මෙම නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණේ බලහත්කාරයෙනි.

චීනයේ ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් නැමැති මෙම පොහොර  සමාගමේ අධ්‍යක්ෂිකා සොං හෙයි මෙයි විසින් ඊයේ (22) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් ගණනාවකට ලිපියක් එවා දන්වන්නේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා චීනයෙන් පිටත් වු  පොහොර තොගය සහිත නෞකාව  ඔක්තෝබර් 22 වැනිදා කොළඹ වරායවට සේන්දු වන බවය.  ඒ ලිපිය එන තුරු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙනත් ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලධාරියෙක් පොහොර නැවේ පැමිණීම පිළිබඳ නිල වශයෙන් දැනුම්වත් වී සිට නැත.

Qingdao seawin biotech group
ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් සමාගම

ශ්‍රි ලංකාව රටක් ලෙස ප්‍රතික්ෂේප කරද්දී මෙම පොහොර තොගය කොළඹට එවන චීන පොහොර සමාගම  සිය ලිපියෙන් රටේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වන්නේ    ශ්‍රී ලංකාවේ නිරෝධායන පර්යේෂණාගාරයේ පර්යේෂණ ගුණාත්මක තත්වයෙන් යුතු නැති බවය.

මේ බලහත්කාරී තත්වය තුළ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත සිල්වා හාබර් මාස්ටර් වෙත ලිඛිතව දන්වා ඇත්තේ මේ පොහොර තොගය සහිත නෞකාව ඇතුළු වරායට ප්‍රවේශ වීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසය.

මෙම පොහොර තොගය ලංකාවට ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණය කර නොමැති බවත්, මෙම පොහොර තොගය රැගෙන පැමිණෙන ලෙස කිසිම අවස්ථාවක සමාගමට  දන්වා නැති බවත්, එසේ ගෙන්වීමට නම්  ලංකාවේ ආයතන කීපයකින් ලිඛිත අවසරය ලැබිය යුතු  වුවද එවන්  අනුමත වූ වලංගු නිල ලේඛනයක් අදාල සමාගමට ශ්‍රී ලංකා රජයෙන් කිසිම අවස්ථාවක යවා නැති බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා හාබර් මාස්ටර් වෙත දන්වා තිබේ.

එබැවින් කිසිදු හේතුවක් මත මෙම නැවේ කිසිම භාණ්ඩයක්  වරාය තුළට අතුළු කිරීමට  හෝ කිසිදු හේතුවක් මත නැව ඇතුළු වරායට සේන්දු වීමට ඉඩ නොතැබීමට කටයුතු කරන මෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා   ඉල්ලා තිබේ.

එම ලිපියේ පිටපතක් ඔහු   චීන පොහොර සමාගමට ද යොමු  කිරීමට  කටයුතු කර ඇත.

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

මේ රටේ ජනතාව මා පත් කළේ හාල්වල පරිප්පුවල මිල ගණන් බලන්න නෙමෙයි… ජනපති කියයි!

Next Post

චීන පොහොර නැවට සල්ලි ගෙවන්න එපා! වාණිජ අධිකරණයෙන් නියෝගයක්

Related Posts

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ජූනි 29, 2022
IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ජූනි 29, 2022

ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා
  • අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…
  • ගාල්ල ළමා නිවාසයක රඳවා සිටි දැරියන්  02ක්  එම නිවාසයෙන් පැන ගොස් මුහුදට පනින්න හදලා…
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

ජනප්‍රිය පුවත්

  • කැබිනට් අනුමැතියෙන් සිපෙටිකෝ අලෙවිසල් IOC ඇතුළු විදෙස් සමාගම් වලට…

    248 shares
    Share 99 Tweet 62
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • ද ෆිනෑන්ස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි…

    173 shares
    Share 69 Tweet 43

Highlights

මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

බකමූණ ඇඟලුම් කම්හල් සේවකයෝ ඉන්ධන ඉල්ලා ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලති!

සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

by Lankasara News
ජූනි 29, 2022
0

අවුරුදු 101 වයසැති හිටපු නිසි වදකාගාරයක...

IOC

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

by editor
ජූනි 29, 2022
0

සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist