ශ්‍රියානි විජේසිංහ –
වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අත්හැර සාකච්ඡාවට එන ලෙස තැපැල්පතිවරයා සහ විෂය භාර ඇමතිවරයා ප්‍රකාශ කළ ද එක කිසි විටෙකත් කළ නොහැකි බව වෘත්තිය සමිති දැඩි තීන්දුවකට පැමිණ ඇති බවත් අවසන් විසඳුමක් ලැබෙන තෙක් අරගලය ක්‍රියාත්මක බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කාර චින්තක බණ්ඩාර ලංකාසර ට පැවසුවේය.
මේ පවතින තත්ත්වය තුළම තමන් සාකච්ඡාවකට කැමති නමුත් තැපැල්පතිවරයා එය ප්‍රතික්ෂේප කරන බව ඔහු කීවේය. අද ( 21) වෘත්තීය සමිති තැපැල්පතිවරයා සමග සාකච්ඡාවට පැමිණියත් ගේට්ටුව වසා තැබීම හේතුවෙන් සාකච්ඡා කිරීමට ඉඩක් නොමැති බවත්, ගේට්ටුව විවෘත කරන තෙක් වෘත්තීය සමිති නායකයින් බලා සිටින බවත් චින්තක බණ්ඩාර කීවේය.
තැපැල්පතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව හිතුවක්කාර තීරණයන්ගේ එල්බනෙ සිටින බවත් තමන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.
මස් රාත්තලම තමන් ඉලන්නේ නැති බවත්, සාධාරණ සංවේදී ගැටලුවලට පිළිතුරු ලබා ගැනීම තම අරගලයේ අරමුණ බවත් චින්තක බණ්ඩාර කීවේය.







