බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වර්ගවාදී වෙනස්කම් නවතන්නනැයි ජගත් සංවිධානය අමෙරිකාවෙන් ඉල්ලයි

by Lanka Sara Editor
ජූනි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වාර්ගික වෙනස්කම් කිරීම අවසන් කිරීම සඳහා ක්ෂණික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කර, සියලු ආකාරයේ වර්ගවාදී වෙනස්කම් ඉවත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ සිය වගකීම් ඉටු කරන ලෙස, වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි.

1994 දී අනුමත කරන ලද සම්මුතියට පූර්ණ ලෙස ගරු කරන ලෙසත්, පුහුණු හා අධ්‍යාපන විෂයමාලා තුළින් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර පුළුල් අවබෝධයක් සහතික කරන ලෙසත් කමිටුව එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටි.

කමිටුවේ සභාපති නූරෙඩින් අමීර් මහතා මෙසේ පැවසීය. “කිසිවෙකු වාර්ගික වෙනස්කම්වලට ගොදුරු නොවිය යුතුය. සියලු ජාතීන් අතර අවබෝධය ප්‍රවර්ධනය කිරීම, වාර්ගික පැතිකඩයන් අත්හිටුවීම සහ වර්ගවාදී පෙළඹවීම් මත සිදුවන ප්‍රහාර වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීම් අපිට කිසිසේත් පිළිගත නොහැක”

ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම කමිටුව මිනියාපොලිස්හි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඛේදනීය මරණය ගැනත්, නිරායුධ අප්‍රිකානු ඇමරිකානුවන් පොලිස් නිලධාරීන් සහ පුද්ගලයින් විසින් වසර ගණනාවක් තිස්සේ ඝාතනය කිරීම ගැනත් සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“රාජ්‍ය ආයතනවල සියවස් ගණනාවක් තිස්සේ අප්‍රිකානු ඇමරිකානුවන්ට විනිශ්චය සභා ඉදිරියේ සමාන සැලකිල්ලක් දැක්වීමේ අයිතිය ඉවත් කිරීම, ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාවට තර්ජනය කිරීම සහ සම්මුතියේ අන්තර්ගත සිවිල්, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කිරීම පද්ධතිමය හා ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම යනාදිය ව්‍යාප්ත වී තිබේ. ” අමීර් පවසයි.

සමාජය තුළ පවතින ව්‍යුහාත්මක වාර්ගික වෙනස්කම් කිරීම් ප්‍රසිද්ධියේ හඳුනා ගන්නා ලෙසත්, අප්‍රිකානු ඇමරිකානුවන් සහ අනෙකුත් සුළු ජාතීන් වාර්ගිකව අභිප්‍රේරණය කරන ලද ඝාතන නිසැකවම හා කොන්දේසි විරහිතව හෙළා දකින ලෙසත් කමිටුව අමෙරිකාවෙන් ඉල්ලා සිටියේය.

වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සඳහා, එක්සත් ජනපදය පිළිබඳ පෙර සමාලෝචන දෙකෙන් පසුව කරන ලද නිර්දේශයන් කමිටුව සිහිපත් කළේය.

මෙයට ඇතුළත් වන්නේ, රට පුරා ජාත්‍යන්තර සම්මුතිය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, සම්මුතිය සමඟ දේශීය නීති සහ ප්‍රතිපත්ති අනුකූල වීම අධීක්ෂණය කිරීම සහ ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය මට්ටමින් රජයේ නිලධාරීන්ගේ වෙනස් කොට සැලකීම් විරෝධී පුහුණුව ක්‍රමානුකූලව සිදු කිරීම ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යන්තර පොලිස් ID එකක් ගන්න ගිය හොර CID අයි.පී. අල්ලයි 

Next Post

බණ්ඩාරවෙල දුම්රිය ඉඩම් බලෙන් ගන්නා දේශපාලන බලවතුන් ගැන පැමිණිල්ලක්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.